සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.7.4. සමිද්ධි – සත්තපඤ්හ සුත්තං

1.7.4. සමිද්ධි තෙරුන් සත්වයා ගැන ඇසූ ප්‍රශ්නයට වදාළ දෙසුම

රජගහ නුවර දී ….

“ස්වාමීනී, සත්වයා, සත්වයා යැයි කියනවා. ස්වාමීනී, සත්වයා හෝ සත්වයා යන පැණවීම හෝ ඇති වන්නේ කවර කරුණු මත ද?”

පින්වත් සමිද්ධි, යම් තැනක ඇස තිබේ නම්, රූප තිබේ නම්, ඇසේ විඤ්ඤාණය තිබේ නම්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තිබේ නම්, අන්න එතැන තමයි සත්වයා සිටීම හෝ සත්ව පැණවීම තිබෙන්නේ ….(පෙ)…. දිව තිබේ නම්, රස තිබේ නම්, දිවේ විඤ්ඤාණය තිබේ නම්, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තිබේ නම්, අන්න එතැන තමයි සත්වයා සිටීම හෝ සත්ව පැණවීම තිබෙන්නේ ….(පෙ)…. මනස තිබේ නම්, මනසට අරමුණු වන දේ තිබේ නම්, මනසේ විඤ්ඤාණය තිබේ නම්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ තිබේ නම්, අන්න එතැන තමයි සත්වයා සිටීම හෝ සත්ව පැණවීම තිබෙන්නේ.

පින්වත් සමිද්ධි, යම් තැනක ඇස නැත්නම්, රූප නැත්නම්, ඇසේ විඤ්ඤාණය නැත්නම්, ඇසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ නැත්නම්, අන්න එතැන තමයි සත්වයා නැති තැන හෝ සත්ව පැණවීම නොතිබෙන තැන ….(පෙ)…. දිව නැත්නම්, රස නැත්නම්, දිවේ විඤ්ඤාණය නැත්නම්, දිවේ විඤ්ඤාණයෙන් දත යුතු දේ නැත්නම්, අන්න එතැන තමයි සත්වයා නැති තැන හෝ සත්ව පැණවීම නොතිබෙන තැන ….(පෙ)…. මනස නැත්නම්, මනසට අරමුණු වන දේ නැත්නම්, මනසේ විඤ්ඤාණය නැත්නම්, මනසේ විඤ්ඤාණයෙන් දත යුතු දේ නැත්නම්, අන්න එතැන තමයි සත්වයා නැති තැන හෝ සත්ව පැණවීම නො තිබෙන තැන.

සාදු! සාදු!! සාදු!!!

සමිද්ධි – සත්තපඤ්හ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M