☰
සැවැත් නුවර දී ….
“ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දකිනා විට ද ආශ්‍රවයන් ප්රහාණය වන්නේ?
පින්වත් භික්ෂුව, ඇස අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි ආශ්‍රවයන් ප්රහාණය වන්නේ. රූප ….(පෙ)…. ඇසේ විඤ්ඤාණය ….(පෙ)…. ඇසේ ස්පර්ශය ….(පෙ)…. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි ආශ්‍රවයන් ප්රහාණය වන්නේ ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි ආශ්‍රවයන් ප්රහාණය වන්නේ.
පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට, ඔය විදිහට දකිනා විට තමයි ආශ්‍රවයන් ප්රහාණය වන්නේ.
සාදු! සාදු!! සාදු!!!
ආසවප්පහාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M