සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.6.3. සඤ්ඤෝජනසමුග්ඝාත සුත්තං

1.6.3. කෙලෙස්වලට බැඳී යෑම මුලින් ම වැනසීම ගැන වදාළ දෙසුම

“ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දකිනා විට ද කෙලෙස්වලට බැඳී යෑම මුලින්ම වැනසී යන්නේ?”

පින්වත් භික්ෂුව, ඇස අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි කෙලෙස්වලට බැඳී යෑම මුලින් ම වැනසී යන්නේ. රූප අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි කෙලෙස්වලට බැඳී යෑම මුලින් ම වැනසී යන්නේ. ඇසේ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි කෙලෙස්වලට බැඳී යෑම මුලින් ම වැනසී යන්නේ. ඇසේ ස්පර්ශය අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි කෙලෙස්වලට බැඳී යෑම මුලින් ම වැනසී යන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි කෙලෙස්වලට බැඳී යෑම මුලින් ම වැනසී යන්නේ ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි කෙලෙස්වලට බැඳී යෑම මුලින් ම වැනසී යන්නේ.

පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට, ඔය විදිහට දකිනා විට තමයි කෙලෙස්වලට බැඳී යෑම මුලින්ම වැනසී යන්නේ.

සාදු! සාදු!! සාදු!!!

සඤ්ඤෝජනසමුග්ඝාත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M