සැවැත් නුවර දී ….
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුන ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දකිනා විට ද අවිද්‍යාව ප්රහාණය වෙන්නේ, විද්‍යාව උපදින්නේ?”
පින්වත් භික්ෂුව, ඇස අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. රූප අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. ඇසේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වෙන්නේ, විද්‍යාව උපදින්නේ.
කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. රස අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. දිවේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. දිවේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ.
කය ….(පෙ)…. මනස අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. මනසට අරමුණු වන දේ අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. මනසේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. මනසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ, විද්‍යාව උපදින්නේ. පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට, ඔය විදිහට දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ.
සාදු! සාදු!! සාදු!!!
අවිජ්ජාපහාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M