පින්වත් මහණෙනි, සියල්ල අනතුරු සහිතයි. පින්වත් මහණෙනි, අනතුරු සහිත සියල්ල යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස අනතුරු සහිතයි. රූප අනතුරු සහිතයි. ඇසේ විඤ්ඤාණය අනතුරු සහිතයි. ඇසේ ස්පර්ශය අනතුරු සහිතයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනතුරු සහිතයි. කන ….(පෙ)….
දිව අනතුරු සහිතයි. රස අනතුරු සහිතයි. දිවේ විඤ්ඤාණය අනතුරු සහිතයි. දිවේ ස්පර්ශය අනතුරු සහිතයි. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනතුරු සහිතයි. කය අනතුරු සහිතයි ….(පෙ)….
මනස අනතුරු සහිතයි. මනසට අරමුණු වන දේ අනතුරු සහිතයි. මනසේ විඤ්ඤාණය අනතුරු සහිතයි. මනසේ ස්පර්ශය අනතුරු සහිතයි. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනතුරු සහිත යි.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
උපස්සට්ඨ සූත්‍රය නිමා විය.
පස්වෙනි සබ්බානිච්ච වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, අභිඤ්ඤෙය්‍ය සූත්‍රය, පරිඤ්ඤෙය්‍ය සූත්‍රය, පහාතබ්බ සූත්‍රය, සච්ඡිකාතබ්බ සූත්‍රය, අභිඤ්ඤෙය්යපරිඤ්ඤෙය්ය සූත්‍රය, උපද්දුත සූත්‍රය, උපස්සට්ඨ සූත්‍රය යන මෙයින් මෙම වර්ගය කියනු ලැබේ.
පළමුවෙනි පණ්ණාසකය යි.
එහි වර්ගයන්ගේ උද්දානය යි.
අනිච්ච වර්ගය, යමක වර්ගය, සබ්බ වර්ගය, ජාතිධම්ම වර්ගය, සබ්බානිච්ච වර්ගයෙන් යුතු දෙසුම් පනස් දෙකක් පළමුවෙනි පණ්ණාසකය යි කියනු ලැබේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M