සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, සියල්ල අනිත්‍යයි. පින්වත් මහණෙනි, සියල්ල අනිත්‍ය යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස අනිත්‍යයි. රූප අනිත්‍යයි. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි. ඇසේ ස්පර්ශය අනිත්‍යයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍යයි. කන ….(පෙ)….
දිව අනිත්‍යයි. රස අනිත්‍යයි. දිවේ විඤ්ඤාණය අනිත්‍යයි. දිවේ ස්පර්ශය අනිත්‍යයි. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍යයි. කය ….(පෙ)….
මනස අනිත්‍යයි. මනසට අරමුණු වන දේ අනිත්‍යයි. මනසේ විඤ්ඤාණය අනිත්‍යයි. මනසේ ස්පර්ශය අනිත්‍යයි. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍යයි.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ….(පෙ)…. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
අනිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M