සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, සියල්ල නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. පින්වත් මහණෙනි, නිරුද්ධ වීම ස්වභාව කොට ඇති සියල්ල යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. රූප නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. ඇසේ විඤ්ඤාණය නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. ඇසේ ස්පර්ශය නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. කන ….(පෙ)….
දිව නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. රස නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. දිවේ විඤ්ඤාණය නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. දිවේ ස්පර්ශය නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. කය ….(පෙ)….
මනස නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. මනසට අරමුණු වන දේ නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. මනසේ විඤ්ඤාණය නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. මනසේ ස්පර්ශය නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් නිරුද්ධ වීම ස්වභාව කොටයි තියෙන්නේ.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
නිරෝධධම්ම සූත්‍රය නිමා විය.
හතරවෙනි ජාතිධම්ම වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
ජාති සූත්‍රය, ජරා සූත්‍රය, ව්‍යාධි සූත්‍රය, මරණ සූත්‍රය, සෝක සූත්‍රය, සංකිලේස සූත්‍රය, ඛයධම්ම සූත්‍රය, වයධම්ම සූත්‍රය, සමුදයධම්ම සූත්‍රය, නිරෝධධම්ම සූත්‍රය යන දෙසුම් දහයෙන් මෙම වර්ගය සමන්විත වේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M