සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.4.1. ජාතිධම්ම සුත්තං

1.4.1. ඉපදීම ස්වභාව කොට ඇති දෙය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, සියල්ල ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. පින්වත් මහණෙනි, ඉපදීම ස්වභාව කොට ඇති සියල්ල යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. රූප ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. ඇසේ විඤ්ඤාණය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. ඇසේ ස්පර්ශය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ.

කන ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. ශබ්ද ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. කනේ විඤ්ඤාණය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. කනේ ස්පර්ශය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. කනේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ.

නාසය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. ගඳ-සුවඳ ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. නාසයේ විඤ්ඤාණය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. නාසයේ ස්පර්ශය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. නාසයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ.

දිව ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. රස ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. දිවේ විඤ්ඤාණය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. දිවේ ස්පර්ශය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ.

කය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. පහස ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. කයේ විඤ්ඤාණය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. කයේ ස්පර්ශය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. කයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ.

මනස ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. මනසට අරමුණු වන දේ ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. මනසේ විඤ්ඤාණය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. මනසේ ස්පර්ශය ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් ඉපදීම ස්වභාව කොටයි තියෙන්නේ.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

ජාතිධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M