සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.3.10. දුතිය සප්පායපටිපදා සුත්තං

1.3.10. කෙලෙස් නැසීමට ගැලපෙන ප්‍රතිපදාව ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, මමත්වයෙන් හිතාගත් සෑම දෙයක් ම මුලින් ම විනාශ වීමට ගැලපෙන ප්‍රතිපදාව ඔබට දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, මමත්වයෙන් හිතාගත් සෑම දෙයක් ම මුලින් ම විනාශ වීමට ගැලපෙන ඒ ප්‍රතිපදාව කුමක්ද?

පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

රූප නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

ඇසේ විඤ්ඤාණය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

ඇසේ ස්පර්ශය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක තමයි මම, මේක මගේ, මේක තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත. කන ….(පෙ)….

දිව නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

රස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේක තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

දිවේ විඤ්ඤාණය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේක තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

දිවේ ස්පර්ශය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත. කය ….(පෙ)….

මනස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

මනසට අරමුණු වන දෙය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

මනසේ විඤ්ඤාණය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

මනසේ ස්පර්ශය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එය නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැන සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)….

මනස ගැන සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසට අරමුණු වන දේ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

පින්වත් මහණෙනි, මමත්වයෙන් හිතාගත් සෑම දෙයක් ම මුලින් ම විනාශ වීමට ගැලපෙන ප්‍රතිපදාව යනු මෙය යි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සප්පායපටිපදා සූත්‍රය නිමා විය.

තුන්වෙනි සබ්බ වර්ගය යි.

එහි පිළිවෙළ උද්දානය යි.

සබ්බ සූත්‍රයත්, පහාන සූත්‍ර දෙකත්, අපරිජාන සූත්‍ර දෙකත්, ආදිත්තපරියාය සූත්‍රයත්, අන්ධභූත සූත්‍රයත්, සාරුප්පපටිපදා සූත්‍රයත්, සප්පායපටිපදා සූත්‍ර දෙකත් යන මෙයින් මෙම වර්ගය කියනු ලැබේ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M