සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.3.8. සාරුප්පපටිපදා සුත්තං

1.3.8. කෙලෙස් නැසීම පිණිස ගැලපෙන ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, මමත්වයෙන් හිතාගත් සෑම දෙයක් ම මුලින් ම විනාශ වීම පිණිස ගැලපෙන ප්‍රතිපදාව ඔබට දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න.

පින්වත් මහණෙනි, මමත්වයෙන් හිතාගත් සෑම දෙයක් ම මුලින් ම විනාශ වීම පිණිස ගැලපෙන ඒ ප්‍රතිපදාව කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව ඇස මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇස තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇස මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රූප මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රූප තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රූපවලින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රූප මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණය තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ විඤ්ඤාණය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශය තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)….

දිව මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිව තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිව මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රස මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රස තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රසයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. රස මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ විඤ්ඤාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ විඤ්ඤාණය තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ විඤ්ඤාණයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ විඤ්ඤාණය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ ස්පර්ශය තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ ස්පර්ශයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ ස්පර්ශය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ ….(පෙ)….

මනස මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනස තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනස මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසට අරමුණු වන දේ මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසට අරමුණු වන දේ තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසට අරමුණු වන දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසට අරමුණු වන දේ මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ විඤ්ඤාණය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ විඤ්ඤාණය තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ විඤ්ඤාණයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ විඤ්ඤාණය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ ස්පර්ශය මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ ස්පර්ශය තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ ස්පර්ශයෙන් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ ස්පර්ශය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. මනසේ සපර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් එයත් මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ තුළ මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඒ දෙයින් බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. එය මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ.

හැම දෙයක් ම මම කියා මමත්වයෙන් හිතන්නේ නෑ. හැම දෙයක් තුළ ම මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. හැම දෙයකින් ම බාහිරව මම ඉන්නවා කියා මමත්වයෙන් හිතන්නේ නෑ. හැම දෙයක් ම මගේ කියා මමත්වයෙන් හිතන්නේ නෑ. ඔහු ඔය ආකාරයෙන් මමත්වයෙන් නොසිතන විට ලෝකයෙහි කිසිවකට බැඳෙන්නේ නෑ. නොබැඳෙන විට තැතිගැනීමක් ඇති වන්නේ නෑ. තැතිගැනීම් රහිත වන විට තමා තුළ ම පිරිනිවී යනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

පින්වත් මහණෙනි, මමත්වයෙන් හිතාගත් සෑම දෙයක් ම මුලින් ම විනාශ වීම පිණිස ගැලපෙන ප්‍රතිපදාව යනු මෙය යි.

සාදු! සාදු!! සාදු!!!

සාරුප්පපටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M