සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.17.28 – 30. බාහිර අතීතානිච්ච, බාහිර අනාගතානිච්ච, බාහිර පච්චුප්පන්නානිච්ච සූත්‍ර

1.17.28 – 30. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් බාහිර අනිත්‍ය දේ ගැන වදාළ දෙසුම්

පින්වත් මහණෙනි, අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් රූප අනිත්‍යයි. ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් මනසට අරමුණු වන දේ අනිත්‍යයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට, රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ශබ්ද ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ගන්ධ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. පහස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසට අරමුණු වන දේ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණ විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, නිවන පිණිස කළ යුතු දෙය කළා, නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම යැයි අවබෝධයෙන් ම දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-28/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M