සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.17.25 – 27. අතීතානත්ත, අනාගතානත්ත, පච්චුප්පන්නානත්ත සූත්‍ර

1.17.25 – 27. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් අනාත්ම දේ ගැන වදාළ දෙසුම්

පින්වත් මහණෙනි, අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් ඇස අනාත්මයි. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් දිව අනාත්මයි. කය ….(පෙ)…. අතීත වූ ත්, අනාගත වූ ත්, වර්තමාන වූ ත් මනස අනාත්මයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට, ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම යැයි’අවබෝධයෙන් ම දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-25/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M