☰
පින්වත් මහණෙනි, අනාත්ම වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, අනාත්ම දේ යනු කුමක්ද? පින්වත් මහණෙනි, රූප අනාත්මයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. මනසට අරමුණු වන දේ අනාත්මයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, අනාත්ම වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-16/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M