සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.17.13 – 15. බාහිර දුක්ඛඡන්ද, බාහිර දුක්ඛරාග, බාහිර දුක්ඛඡන්දරාග සූත්‍ර

1.17.13 – 15. බාහිර දුක් දේ කෙරෙහි ඇති ඡන්දයත්, රාගයත්, ඡන්ද රාගයත් දුරු කිරීම ගැන වදාළ දෙසුම්

පින්වත් මහණෙනි, දුක් වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, දුක් දේ යනු කුමක්ද? පින්වත් මහණෙනි, රූප දුකයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. මනසට අරමුණු වන දේ දුකයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, දුක් වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M