සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.16.8. කොට්ඨිත දුක්ඛ සුත්තං

1.16.8. කොට්ඨිත තෙරුන්ට දුක ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ……

එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් කොට්ඨිත තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මා හට සංක්ෂේපයෙන් ශ්‍රී සද්ධර්මය වදාරණ සේක් නම් මැනවි. එතකොට මට භාග්‍යවතුන් වහන්සේගෙන් යම් ධර්මයක් අසා ….(පෙ)…. වාසය කරන්න පුළුවන්. “පින්වත් කොට්ඨිත, යමක් දුක නම්, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. පින්වත් කොට්ඨිත, දුක් දෙය යනු කුමක්ද? පින්වත් කොට්ඨිත ඇස දුකයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. රූප දුකයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ විඤ්ඤාණය දුකයි, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ ස්පර්ශය දුකයි, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් දුකයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි.”

කන දුකයි ….(පෙ)…. නාසය දුකයි ….(පෙ)…. දිව දුකයි ….(පෙ)…. කය දුකයි ….(පෙ)…. මනස දුකයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. මනසට අරමුණු වන දේ දුකයි ….(පෙ)…. මනෝ විඤ්ඤාණය දුකයි ….(පෙ)…. මනසේ ස්පර්ශය දුකයි ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් දුකයි. ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි. පින්වත් කොට්ඨිත යමක් දුක නම්, ඒ කෙරෙහි ඇති ඔබේ ආශාව අත්හළ යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

කොට්ඨිත දුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M