සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.16.6. පටිසල්ලාන සුත්තං

1.16.6. භාවනාවෙන් වාසය කිරීම ගැන වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ජීවක අඹ වනයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” යි කියා භික්ෂූන් අමතා වදාළා ….(පෙ)…. “පින්වත් මහණෙනි, භාවනාවෙහි යෙදී වාසය කරන්න. පින්වත් මහණෙනි, භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුවට යථාර්ථය වැටහෙනවා. කුමන යථාර්ථයක් ද වැටහෙන්නේ?”

ඇස අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. රූප අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. ඇසේ ස්පර්ශය අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. මනසට අරමුණු වන දේ අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. මනසේ විඤ්ඤාණය අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. මනසේ ස්පර්ශය අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යයි යන යථාර්ථය වැටහෙනවා. පින්වත් මහණෙනි, භාවනාවෙහි යෙදී වාසය කරන්න. පින්වත් මහණෙනි, භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුවට යථාර්ථය වැටහෙනවා.

සාදු! සාදු!! සාදු!!!

පටිසල්ලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M