☰
පින්වත් මහණෙනි, ඇස දුකයි. ඇසේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්රත්යය වූ යමක් ඇත්ද එයත් දුකයි. ඉතින් පින්වත් මහණෙනි, දුක් දෙයින් හටගත් ඇස කෙසේ නම් සැප වන්ටද? කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව දුකයි. දිවේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්රත්යය වූ යමක් ඇත්ද එයත් දුකයි. ඉතින් පින්වත් මහණෙනි, දුක් දෙයින් හටගත් දිව කෙසේ නම් සැප වන්ටද? කය ….(පෙ)…. මනස දුකයි. මනසේ ඉපදීමට හේතු වූ යමක් ඇත්ද, ප්රත්යය වූ යමක් ඇත්ද එයත් දුකයි. ඉතින් පින්වත් මහණෙනි, දුක් දෙයින් හටගත් මනස කෙසේ නම් සැප වන්ටද?
පින්වත් මහණෙනි, ශ්රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
අජ්ඣත්ත දුක්ඛ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M