සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.14.6. දුතිය පලාස සුත්තං

1.14.6. දළුකොළ ගැන වදාළ දෙවෙනි දෙසුම

පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම්, ඒ දෙය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවී. පින්වත් මහණෙනි, ඔබේ නොවන දෙය කුමක්ද? පින්වත් මහණෙනි, රූප ඔබේ නොවේ. එය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි. ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. මනසට අරමුණු වන දේ ඔබේ නොවේ. එය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවී.

පින්වත් මහණෙනි, එය මෙවැනි දෙයක්. මේ ජේතවනයෙහි යම් තණකොළ, ලී කැබලි, දර අතු, දළුකොළ ආදියක් ඇත්නම්, ජනතාව ඒවා අරගෙන යනවා නම්, පුළුස්සා දමනවා නම්, ඒවාට කැමති දෙයක් කරනවා නම්, එතකොට ඔබට මේ විදිහටද හිතෙන්නේ? “අහෝ! ජනතාව අපව අරගෙන යනවා නොවැ. අපව පුළුස්සා දමනවා නොවැ. ඔවුන් කැමති කැමති දේ අපට කරනවා නොවැ” කියලා ද? ස්වාමීනී, එය නොවේ ම යි. ඒකට හේතුව කුමක්ද? ස්වාමීනී, අපට ඒවා ගැන “තමා” කියලා හෝ “තමාට අයත්” කියලා හෝ හැඟීමක් නෑ. පින්වත් මහණෙනි, ඔය අයුරින් ම රූප ඔබේ නොවේ. එය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි. ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. මනසට අරමුණු වන දේ ඔබේ නොවේ එය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවී.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පලාස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-14-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M