සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.13.2. වජ්ජි සුත්තං

1.13.2. වජ්ජි ජනපදයේ දී වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ වජ්ජි ජනපදයේ හත්ථි ගමේ. එදා හත්ථිගම්වැසි උග්ග ගෘහපතිතුමා, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ හත්ථිගම්වැසි උග්ග ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතේදී ම පිරිනිවන් පාන්නේ නැතිනම්, එයට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද? ස්වාමීනී, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතයේදී ම පිරිනිවන් පානවා නම්, එයට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?” (පෙර සූත්‍රය පරිද්දෙන් ඒ අයුරින් විස්තර කළ යුතුය) ….(පෙ)…. පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතයේදී ම පිරිනිවන් පානවා නම්, එයට හේතුව මේකයි, ප්‍රත්‍යය මේකයි.

සාදු! සාදු!! සාදු!!!

වජ්ජි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-13-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M