ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ. එදා විසල්පුරවාසී උග්ග ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ විසල්පුර උග්ග ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතේදී ම පිරිනිවන් පාන්නේ නැතිනම්, එයට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද? ස්වාමීනී, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතයේදී ම පිරිනිවන් පානවා නම්, එයට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?”
පින්වත් ගෘහපතිය, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා. එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගන්නා, එහි ගුණ කියන, එහි බැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන ම යි තියෙන්නේ. එයට ග්‍රහණය වෙලයි තියෙන්නේ. පින්වත් ගෘහපතිය, කෙලෙසුන්ට ග්‍රහණය වූ භික්ෂුව පිරිනිවන් පාන්නේ නෑ.
පින්වත් ගෘහපතිය, කනෙන් දැනගත යුතු වූ ශබ්ද ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු වූ ගන්ධ ….(පෙ)…. දිවෙන් දැනගත යුතු වූ රස ….(පෙ)…. කයෙන් දැනගත යුතු වූ පහස ….(පෙ)…. පින්වත් ගෘහපතිය, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා. එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගන්නා, එහි ගුණ කියන, එහි බැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන ම යි තියෙන්නේ. එයට ග්‍රහණය වෙලයි තියෙන්නේ. පින්වත් ගෘහපතිය, කෙලෙසුන්ට ග්‍රහණය වූ භික්ෂුව පිරිනිවන් පාන්නේ නෑ. පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතයේදී ම පිරිනිවන් පාන්නේ නැතිනම් එයට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.
පින්වත් ගෘහපතිය, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නේ නෑ, එතකොට එය සතුටින් නො පිළිගන්නා එහි ගුණ නො කියන, එහි නො බැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන පවතින්නේ නෑ. එයට ග්‍රහණය වෙලා නෑ. පින්වත් ගෘහපතිය, කෙලෙසුන්ට ග්‍රහණය නොවූ භික්ෂුව පිරිනිවන් පානවා.
පින්වත් ගෘහපතිය, කනෙන් දැනගත යුතු වූ ශබ්ද ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු වූ ගන්ධ ….(පෙ)…. දිවෙන් දැනගත යුතු වූ රස ….(පෙ)…. කයෙන් දැනගත යුතු වූ පහස ….(පෙ)…. පින්වත් ගෘහපතිය, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන ඉන්නේ නෑ, එතකොට එය සතුටින් නො පිළිගන්නා එහි ගුණ නො කියන, එහි නො බැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන පවතින්නේ නෑ. එයට ග්‍රහණය වෙලා නෑ. පින්වත් ගෘහපතිය, කෙලෙසුන්ට ග්‍රහණය නොවූ භික්ෂුව පිරිනිවන් පානවා. පින්වත් ගෘහපතිය, මෙහි ඇතැම් සත්වයෙක්, මේ ජීවිතේදී ම පිරිනිවන් පානවා නම්, එයට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.
සාදු! සාදු!! සාදු!!!
වේසාලි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-13-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M