ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයේ. එදා ශක්‍ර දේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටගත් ශක්‍ර දේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතේදී ම පිරිනිවන් පාන්නේ නැතිනම්, එයට හේතුව මොකක්ද? ප්‍රත්‍යය කුමක්ද? ස්වාමීනී, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතයේදී ම පිරිනිවන් පානවා නම්, එයට හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?
පින්වත් දේවේන්ද්රය, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා, එහි ගුණ කියනවා, එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගන්නා, එහි ගුණ කියන, එහි බැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන ම යි තියෙන්නේ. එයට ග්‍රහණය වෙලයි තියෙන්නේ. පින්වත් දේවේන්ද්රය, කෙලෙසුන්ට ග්‍රහණය වූ භික්ෂුව පිරිනිවන් පාන්නේ නෑ. පින්වත් දේවේන්ද්රය, කනෙන් දැනගත යුතු වූ ශබ්ද ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු වූ ගන්ධ ….(පෙ)…. දිවෙන් දැනගත යුතු වූ රස ….(පෙ)…. කයෙන් දැනගත යුතු වූ පහස ….(පෙ)…. පින්වත් දේවේන්ද්රය, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නවා. එහි ගුණ කියනවා. එහි බැසගෙන සිටිනවා. එතකොට එය සතුටින් පිළිගන්නා, එහි ගුණ කියන, එහි බැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන ම යි තියෙන්නේ. එයට ග්‍රහණය වෙලයි තියෙන්නේ. පින්වත් දේවේන්ද්රය, කෙලෙසුන්ට ග්‍රහණය වී සිටින භික්ෂුව පිරිනිවන් පාන්නේ නෑ. පින්වත් දේවේන්ද්රය, මෙහි ඇතැම් සත්වයෙක් මේ ජීවිතයේදී ම පිරිනිවන් පාන්නේ නැතිනම් එයට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.
පින්වත් දේවේන්ද්රය, ඇසෙන් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, රූප තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ. එහි බැසගෙන ඉන්නේ නෑ. එතකොට එය සතුටින් නොපිළිගන්නා එහි ගුණ නොකියන, එහි නොබැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන පවතින්නේ නෑ. එයට ග්‍රහණය වෙලා නෑ. පින්වත් දේවේන්ද්රය, කෙලෙසුන්ට ග්‍රහණය නොවූ භික්ෂුව පිරිනිවන් පානවා. පින්වත් දේවේන්ද්රය, කනෙන් දැනගත යුතු වූ ශබ්ද ….(පෙ)…. නාසයෙන් දැනගත යුතු වූ ගන්ධ ….(පෙ)…. දිවෙන් දැනගත යුතු වූ රස ….(පෙ)…. කයෙන් දැනගත යුතු වූ පහස ….(පෙ)…. පින්වත් දේවේන්ද්රය, මනසින් දැනගත යුතු වූ සිත් ඇදගන්නා, ලස්සන, මනාප, ප්‍රිය ස්වරූප ඇති, කැමැත්ත ඇති කරවන, බැඳීම් හටගන්නා, අරමුණු තියෙනවා. භික්ෂුව එය සතුටින් පිළිගන්නේ නෑ, එහි ගුණ කියන්නේ නෑ, එහි බැසගෙන සිටින්නේ නෑ, එතකොට එය සතුටින් නොපිළිගන්නා එහි ගුණ නොකියන, එහි නොබැසගෙන සිටින ඔහුගේ විඤ්ඤාණය ඒ අරමුණ ඇසුරු කරගෙන පවතින්නේ නෑ. එයට ග්‍රහණය වෙලා නෑ. පින්වත් දේවේන්ද්රය, කෙලෙසුන්ට ග්‍රහණය නොවූ භික්ෂුව පිරිනිවන් පානවා. පින්වත් දේවේන්ද්රය, මෙහි ඇතැම් සත්වයෙක්, මේ ජීවිතේදී ම පිරිනිවන් පානවා නම්, එයට හේතුව මේකයි. ප්‍රත්‍යය මේකයි.
සාදු! සාදු!! සාදු!!!
සක්කපඤ්හ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-12-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M