පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම්, ඒ දෙය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, ඔබේ නොවන දෙය කුමක්ද ?
පින්වත් මහණෙනි, ඇස ඔබේ නොවේ, එය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවි. රූප ඔබේ නොවේ. එය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවි. ඇසේ විඤ්ඤාණය ඔබේ නොවේ. එය අත් හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවි. ඇසේ ස්පර්ශය ඔබේ නොවේ. එය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් ඔබේ නොවේ. එය අත් හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවි. ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් ඔබේ නොවේ. එය අත් හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිතසුව පිණිස පවතීවි. පින්වත් මහණෙනි, යමක් ඔබේ නොවේ නම් ඒ දෙය අත්හරින්න. එතකොට ඒක ඔබට ප්‍රහාණය වෙලා ගියහම හිත සුව පිණිස පවතීවි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය න තුම්හාක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M