සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.10.6. සමාධි සුත්තං

1.10.6. සමාධිය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, සමාධිය වඩන්න. පින්වත් මහණෙනි, සමාහිත සිත් ඇති භික්ෂුව තමයි යථාර්ථය දැන ගන්නේ. කුමක යථාර්ථයක් ද දැන ගන්නේ? ඇස අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. රූප අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. ඇසේ විඤ්ඤාණය අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. ඇසේ ස්පර්ශය අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැන ගන්නවා.

කන අනිත්‍යය යි යන කරුණ ….(පෙ)…. නාසය අනිත්‍යය යි යන කරුණ ….(පෙ)…. දිව අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැන ගන්නවා. රස අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. දිවේ විඤ්ඤාණය අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. දිවේ ස්පර්ශය අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැන ගන්නවා.

කය අනිත්‍යය යි යන කරුණ ….(පෙ)…. මනස අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. මනසට අරමුණු වන දේ අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. මනසේ විඤ්ඤාණය අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. මනසේ ස්පර්ශය අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත බවක් වේවා යම් විඳීමක් ඇත්ද, එයත් අනිත්‍යය යි යන කරුණ ඒ ආකාරයෙන් ම දැනගන්නවා. පින්වත් මහණෙනි, සමාධිය වඩන්න. පින්වත් මහණෙනි, සමාහිත සිත් ඇති භික්ෂුව තමයි යථාර්ථය දැනගන්නේ.

සාදු! සාදු!! සාදු!!!

සමාධි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-10-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M