සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

5.1.2. රූප සුත්තං

5.1.2. රූප ගැන වදාළ දෙසුම

313. සාවත්ථියං….

313. සැවැත් නුවර දී …………………

යෝ භික්ඛවේ, රූපානං උප්පාදෝ ඨිති අභිනිබ්‌බත්‌ති පාතුභාවෝ, දුක්‌ඛස්‌සේසෝ උප්පාදෝ, රෝගානං ඨිති, ජරාමරණස්‌ස පාතුභාවෝ. යෝ සද්‌දානං ….(පෙ)…. යෝ ගන්‌ධානං ….(පෙ)…. යෝ රසානං ….(පෙ)…. යෝ ඵොට්‌ඨබ්‌බානං ….(පෙ)…. යෝ ධම්‌මානං උප්පාදෝ ඨිති අභිනිබ්‌බත්‌ති පාතුභාවෝ, දුක්‌ඛස්‌සේසෝ උප්පාදෝ, රෝගානං ඨිති, ජරාමරණස්‌ස පාතුභාවෝ.

පින්වත් මහණෙනි, රූපයක යම් උපතක් තියෙනවාද, යම් පැවැත්මක් තියෙනවාද, යම් විශේෂ උපතක් තියෙනවාද, යම් පහළ වීමක් තියෙනවාද මේක තමයි දුකෙහි උපත. රෝගයන්ගේ පැවැත්ම. ජරා මරණයෙහි පහළ වීම. ශබ්දයක යම් …. (පෙ) …. ගඳ සුවඳක යම් …. (පෙ) …. රසක යම් …. (පෙ) …. පහසක යම් …. (පෙ) …. සිතෙන අරමුණක යම් උපතක් තියෙනවාද, යම් පැවැත්මක් තියෙනවාද, යම් විශේෂ උපතක් තියෙනවාද, යම් පහළ වීමක් තියෙනවාද මේක තමයි දුකෙහි උපත. රෝගයන්ගේ පැවැත්ම. ජරා මරණයෙහි පහළ වීම.

යෝ ච ඛෝ භික්ඛවේ, රූපානං නිරෝධෝ වූපසමෝ අත්ථගමෝ, දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ, රෝගානං වූපසමෝ, ජරාමරණස්‌ස අත්ථගමෝ. යෝ සද්‌දානං ….(පෙ)…. යෝ ගන්‌ධානං ….(පෙ)…. යෝ රසානං ….(පෙ)…. යෝ ඵොට්‌ඨබ්‌බානං ….(පෙ)…. යෝ ධම්‌මානං නිරෝධෝ වූපසමෝ අත්ථගමෝ, දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ, රෝගානං වූපසමෝ, ජරාමරණස්‌ස අත්ථගමෝති.

පින්වත් මහණෙනි, රූපයක යම් නිරුද්ධ වීමක් තියෙනවාද, යම් සංසිඳීමක් තියෙනවාද, යම් නැතිවීමක් තියෙනවාද මේක තමයි දුකෙහි නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම. ජරා මරණයෙහි නැති වී යෑම. ශබ්දයක යම් …. (පෙ) …. ගඳ සුවඳක යම් …. (පෙ) …. රසක යම් …. (පෙ) …. පහසක යම් …. (පෙ) …. සිතෙන අරමුණක යම් නිරුද්ධ වීමක් තියෙනවාද, යම් සංසිඳීමක් තියෙනවාද, යම් නැතිවීමක් තියෙනවාද මේක තමයි දුකෙහි නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම. ජරා මරණයෙහි නැති වී යෑම.

සාදු! සාදු!! සාදු!!!

රූප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_5-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M