සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

5.1.1. චක්ඛු සුත්තං

5.1.1. ඇස ගැන වදාළ දෙසුම

312. සාවත්ථියං….

312. සැවැත් නුවර දී …………………

යෝ භික්ඛවේ, චක්‌ඛුස්‌ස උප්පාදෝ ඨිති අභිනිබ්‌බත්‌ති පාතුභාවෝ, දුක්‌ඛස්‌සේසෝ උප්පාදෝ, රෝගානං ඨිති, ජරාමරණස්‌ස පාතුභාවෝ. යෝ සෝතස්‌ස ….(පෙ)…. යෝ ඝානස්‌ස ….(පෙ)…. යෝ ජිව්‌හාය ….(පෙ)…. යෝ කායස්‌ස ….(පෙ)…. යෝ මනස්‌ස උප්පාදෝ ඨිති අභිනිබ්‌බත්‌ති පාතුභාවෝ, දුක්‌ඛස්‌සේසෝ උප්පාදෝ, රෝගානං ඨිති, ජරාමරණස්‌ස පාතුභාවෝ.

පින්වත් මහණෙනි, ඇසක යම් උපතක් තියෙනවාද, යම් පැවැත්මක් තියෙනවාද, යම් විශේෂ උපතක් තියෙනවාද, යම් පහළ වීමක් තියෙනවාද මේක තමයි දුකෙහි උපත. රෝගයන්ගේ පැවැත්ම. ජරා මරණයෙහි පහළ වීම. කණක යම් …. (පෙ) …. නාසයක යම් …. (පෙ) …. දිවක යම් …. (පෙ) …. කයක යම් …. (පෙ) …. මනසක යම් උපතක් තියෙනවාද, යම් පැවැත්මක් තියෙනවාද, යම් විශේෂ උපතක් තියෙනවාද, යම් පහළ වීමක් තියෙනවාද මේක තමයි දුකෙහි උපත. රෝගයන්ගේ පැවැත්ම. ජරා මරණයෙහි පහළ වීම.

යෝ ච භික්ඛවේ, චක්‌ඛුස්‌ස නිරෝධෝ වූපසමෝ අත්ථගමෝ, දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ, රෝගානං වූපසමෝ, ජරාමරණස්‌ස අත්ථගමෝ. යෝ සෝතස්‌ස නිරෝධෝ ….(පෙ)…. යෝ ඝානස්‌ස නිරෝධෝ ….(පෙ)…. යෝ ජිව්‌හාය නිරෝධෝ ….(පෙ)…. යෝ කායස්‌ස නිරෝධෝ ….(පෙ)…. යෝ මනස්‌ස නිරෝධෝ වූපසමෝ අත්ථගමෝ, දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ, රෝගානං වූපසමෝ, ජරාමරණස්‌ස අත්ථගමෝති.

පින්වත් මහණෙනි, ඇසක යම් නිරුද්ධ වීමක් තියෙනවාද, යම් සංසිඳීමක් තියෙනවාද, යම් නැතිවීමක් තියෙනවාද මේක තමයි දුකෙහි නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම. ජරා මරණයෙහි නැති වී යෑම. කණක යම් …. (පෙ) …. නාසයක යම් …. (පෙ) …. දිවක යම් …. (පෙ) …. කයක යම් …. (පෙ) …. මනසක යම් නිරුද්ධ වීමක් තියෙනවාද, යම් සංසිඳීමක් තියෙනවාද, යම් නැතිවීමක් තියෙනවාද මේක තමයි දුකෙහි නිරෝධය, රෝගයන්ගේ සංසිඳීම. ජරා මරණයෙහි නැති වී යෑම.

සාදු! සාදු!! සාදු!!!

චක්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_5-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M