සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

2.2.5. දුක්ඛ සුත්තං

2.2.5. දුක ගැන වදාළ දෙසුම

174. සාවත්ථියං….

174. සැවැත් නුවර දී …………………

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාධෝ භගවන්‌තං ඒතදවෝච. දුක්‌ඛං දුක්‌ඛන්‌ති භන්තේ, වුච්‌චති. කතමන්නු ඛෝ භන්තේ, දුක්‌ඛන්‌ති?

එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාධයන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනි, ‘දුක, දුක’ කියලා කියනවා. ස්වාමීනි, දුක කියලා කියන්නේ කවර දෙයකටද?”

රූපං ඛෝ රාධ, දුක්‌ඛං, වේදනා දුක්‌ඛා, සඤ්‌ඤා දුක්‌ඛා, සංඛාරා දුක්‌ඛා, විඤ්‌ඤාණං දුක්‌ඛං. ඒවං පස්‌සං රාධ, සුතවා අරියසාවකෝ ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“පින්වත් රාධ, රූපයයි දුක. විඳීමයි දුක. සඤ්ඤාවයි දුක. සංස්කාරයි දුක. විඤ්ඤාණයයි දුක. පින්වත් රාධ, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැ’යි අවබෝධය ඇතිවෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M