සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.3.5.9. දුතිය අභිනිවේස සුත්තං

1.3.5.9. බැසගැනීම ගැන වදාළ දෙවෙනි දෙසුම

158. සාවත්ථියං….

158. සැවැත් නුවර දී ……………………

කිස්‌මිං නු ඛෝ භික්ඛවේ, සති කිං උපාදාය කිං අභිනිවිස්‌ස උප්‌පජ්‌ජන්‌ති සඤ්ඤෝජනාභිනිවේසවිනිබන්‌ධාජ්ඣෝසානාති?

“පින්වත් මහණෙනි, කුමක් ඇති කල්හිද, කුමක් උපකාරයෙන්ද, කුමකට බැසගෙනද, බන්ධන, බැසගැනීම්, දරුණු ලෙස බැඳී ගැට ගැසී යෑම, එහි ම ගැලී සිටීම ආදී කෙලෙස් උපදින්නේ?”

භගවංමූලකා නෝ භන්තේ, ධම්‌මා ….(පෙ)….

“ස්වාමීනි, අපගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇති සේක …. (පෙ) ….”

රූපේ ඛෝ භික්ඛවේ, සති රූපං උපාදාය රූපං අභිනිවිස්‌ස උප්‌පජ්‌ජන්‌ති සඤ්ඤෝජනාභිනිවේසවිනිබන්‌ධාජ්ඣෝසානා. වේදනාය සති ….(පෙ)…. සඤ්‌ඤාය සති ….(පෙ)…. සංඛාරේසු සති ….(පෙ)…. විඤ්ඤාණේ සති විඤ්‌ඤාණං උපාදාය විඤ්‌ඤාණං අභිනිවිස්‌ස උප්‌පජ්‌ජන්‌ති සඤ්ඤෝජනාභිනිවේසවිනිබන්‌ධාජ්ඣෝසානා.

පින්වත් මහණෙනි, රූපයක් තිබුණොත් තමයි, රූපය උපකාරයෙන් ම තමයි, රූපයෙහි බැසගෙන තමයි බන්ධන, බැසගැනීම්, දරුණු ලෙස බැඳී ගැට ගැසී යෑම, එහි ම ගැලී සිටීම ආදී කෙලෙස් උපදින්නේ. විඳීමක් තිබුණොත් තමයි. …. (පෙ) …. සඤ්ඤාවක් තිබුණොත් තමයි. …. (පෙ) …. සංස්කාර තිබුණොත් තමයි. …. (පෙ) …. විඤ්ඤාණයක් තිබුණොත් තමයි, විඤ්ඤාණය උපකාරයෙන් ම තමයි, විඤ්ඤාණයෙහි බැසගෙන තමයි බන්ධන, බැසගැනීම්, දරුණු ලෙස බැඳී ගැටගැසී යෑම, එහි ම ගැලී සිටීම ආදී කෙලෙස් උපදින්නේ.

තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, රූපං නිච්‌චං වා අනිච්‌චං වාති ? අනිච්‌චං භන්තේ.

පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? රූපය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අපි නු තං අනුපාදාය උප්‌පජ්‌ජෙය්‍යුං සඤ්ඤෝජනාභිනිවේසවිනිබන්‌ධාජ්ඣෝසානාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ඒ දෙය ඇසුරු නොකොට බන්ධන, බැසගැනීම්, දරුණු ලෙස බැඳී ගැට ගැසී යෑම, එහි ම ගැලී සිටීම ආදී කෙලෙස් උපදීවිද?” ස්වාමීනි, එය නොවන්නේ ම ය.”

වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ.

“වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය යනු නිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්ද?” “ස්වාමීනි, අනිත්‍යයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම් එය දුක් දෙයක්ද? සැප දෙයක්ද?” “ස්වාමීනි, දුකයි.”

යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං, අපි නු තං අනුපාදාය උප්‌පජ්‌ජෙය්‍යුං සඤ්ඤෝජනාභිනිවේසවිනිබන්‌ධාජ්ඣෝසානාති? නෝ හේතං භන්තේ.

“යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස්වන ධර්මතාවයට අයත් දෙයක් නම් ඒ දෙය ඇසුරු නොකොට බන්ධන, බැසගැනීම්, දරුණු ලෙස බැඳී ගැට ගැසී යෑම, එහි ම ගැලී සිටීම ආදී කෙලෙස් උපදීවිද?” “ස්වාමීනි, එය නොවන්නේ ම ය.”

ඒවං පස්‌සං ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතීති.

“පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකින කොට …. (පෙ) …. ආයෙත් නම් සංසාරයේ වෙන උපතක් නැතැයි අවබෝධය ඇතිවෙනවා.”

සාදු! සාදු!! සාදු!!!

දුතිය අභිනිවේස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M