☰
140. සැවැත් නුවර දී ………………….
පින්වත් මහණෙනි, යමක් වනාහී දුක නම් ඒ කෙරෙහි ඇති කැමැත්තයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, කවර දුක් දෙයක්ද යත්;
පින්වත් මහණෙනි, රූපය දුකයි. ඒ රූපය ගැන ඇති කැමැත්ත තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. විඳීම දුකයි …. (පෙ) …. සඤ්ඤාව දුකයි …. (පෙ) …. සංස්කාර දුකයි …. (පෙ) …. විඤ්ඤාණය දුකයි. විඤ්ඤාණය ගැන ඇති කැමැත්ත තමයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, යමක් වනාහී අනිත්‍ය නම් ඒ කෙරෙහි ඇති කැමැත්තයි ඔබ ප්‍රහාණය කළ යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
පඨම දුක්ඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-3-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M