සංයුත්ත නිකාය

ඛන්ධක වග්ගෝ

1.2.4.9. පඨම රාහුල සුත්තං

1.2.4.9. රාහුල තෙරුන්ට වදාළ පළමු දෙසුම

91. සාවත්ථියං….

91. සැවැත් නුවරදී ……………….

අථ ඛෝ ආයස්‌මා රාහුලෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්‌වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාහුලෝ භගවන්‌තං ඒතදවෝච.

එදා ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිය තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

කථං නු ඛෝ භන්තේ, ජානතෝ කථං පස්‌සතෝ ඉමස්‌මිඤ්‌ච සවිඤ්‌ඤාණකේ කායේ බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තේසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන්‌තීති?

“ස්වාමීනි, මොන විදිහට අවබෝධ කරගන්නා විට ද, මොන විදිහට දකිනා විට ද මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත් බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ ය’ යන දෘෂ්ටියෙහි බැස තිබෙන මාන අනුසය ඇති නොවන්නේ?”

යං කිඤ්‌චි රාහුල, රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං රූපං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති.

යා කාචි වේදනා ….(පෙ)…. යා කාචි සඤ්‌ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා ….(පෙ)…. යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා සබ්‌බං විඤ්‌ඤාණං නේතං මම, නේසෝහමස්‌මි, න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති.

“පින්වත් රාහුල, අතීත, අනාගත, වර්තමාන වූ යම් රූපයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) රූපයක් වෙන්න පුළුවනි, බාහිර රූපයක් වෙන්න පුළුවනි, ගොරෝසු රූපයක් වෙන්න පුළුවනි, සියුම් රූපයක් වෙන්න පුළුවනි, හීන රූපයක් වෙන්න පුළුවනි, උසස් රූපයක් වෙන්න පුළුවනි, දුර තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන රූපයක් වෙන්න පුළුවනි, ඒ සෑම රූපයක් ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් දකිනවා නම්, අතීත, අනාගත, වර්තමාන වූ යම් වේදනාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම් සඤ්ඤාවක් ඇද්ද …. (පෙ) …. අතීත, අනාගත, වර්තමාන වූ යම් සංස්කාර ඇද්ද …. (පෙ) …. අනාගත, වර්තමාන වූ යම් විඤ්ඤාණයක් ඇද්ද, ආධ්‍යාත්ම (තමා යැයි සළකන) විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, බාහිර විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ගොරෝසු විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, සියුම් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, හීන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, උසස් විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, දුර තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ළඟ තිබෙන විඤ්ඤාණයක් වෙන්න පුළුවනි, ඒ සෑම විඤ්ඤාණයක්ම ‘මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ’ යන ඔය කරුණ ඒ ආකාරයෙන්ම දියුණු කළ ප්‍රඥාවෙන් දකිනවා නම්,

ඒවං ඛෝ රාහුල, ජානතෝ ඒවං පස්‌සතෝ ඉමස්‌මිඤ්‌ච සවිඤ්‌ඤාණකේ කායේ බහිද්‌ධා ච සබ්‌බනිමිත්‌තේසු අහිංකාරමමිංකාරමානානුසයා න හොන්‌තීති.

අන්න ඒ විදිහට පින්වත් රාහුල, අවබෝධ කරගන්නා විට, දැකගන්නා විට මේ විඤ්ඤාණය සහිත වූ කය පිළිබඳවත්, බාහිර සියලු නිමිති පිළිබඳවත් ‘මම ය, මාගේ ය’ යන දෘෂ්ටියෙහි බැස තිබෙන මාන අනුසය ඇතිවෙන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

පඨම රාහුල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M