74. සැවැත් නුවරදී ……………….
පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා හට රූපයෙහි හටගැනීම ගැනවත්, නැතිවී යෑම ගැනවත්, ආශ්වාදය ගැනවත්, ආදීනවය ගැනවත්, නිස්සරණය (නිදහස් වීම) ගැනවත් සැබෑ තත්වය පිළිබඳව අවබෝධයක් නෑ. වේදනාවෙහි ….(පෙ)…. සඤ්ඤාවෙහි ….(පෙ)…. සංස්කාරවල ….(පෙ)…. විඤ්ඤාණයෙහි හටගැනීම ගැනවත්, නැතිවී යෑම ගැනවත්, ආශ්වාදය ගැනවත්, ආදීනවය ගැනවත්, නිස්සරණය (නිදහස් වීම) ගැනවත් සැබෑ තත්වය පිළිබඳව අවබෝධයක් නෑ.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට නම් රූපයෙහි හටගැනීම ගැනත්, නැතිවී යෑම ගැනත්, ආශ්වාදය ගැනත්, ආදීනවය ගැනත්, නිස්සරණය (නිදහස් වීම) ගැනත් සැබෑ තත්වය පිළිබඳව අවබෝධයක් තියෙනවා. වේදනාවෙහි ….(පෙ)…. සඤ්ඤාවෙහි ….(පෙ)…. සංස්කාරවල ….(පෙ)…. විඤ්ඤාණයෙහි හටගැනීම ගැනත්, නැතිවී යෑම ගැනත්, ආශ්වාදය ගැනත්, ආදීනවය ගැනත්, නිස්සරණය (නිදහස් වීම) ගැනත් සැබෑ තත්වය පිළිබඳව අවබෝධයක් තියෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පඨම සමුදය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_1-2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M