සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

7.2.8. භික්ඛුණී සුත්තං

7.2.8. භික්ඛුණී සූත්‍රය

379. ඉධාහං ආවුසෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අද්‌දසං භික්‌ඛුනිං වේහාසං ගච්‌ඡන්‌තිං. තස්‌සා සංඝාටිපි ආදිත්‌තා ….(පෙ)…. (අථ ඛෝ භගවා ….(පෙ)….) ඒසා භික්ඛවේ භික්ඛුනී කස්‌සපස්‌ස සම්‌මාසම්‌බුද්‌ධස්‌ස පාවචනේ පාපභික්‌ඛුනී අහෝසි. ….(පෙ)…. ඒවරූපං අත්‌තභාවපටිලාභං පටිසංවේදයතී’ති.

379. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන භික්ෂූණියක් දැක්කා. ඇය පොරවා සිටින සිවුරුත් සම්පූර්ණයෙන් ම ගින්නෙන් ඇවිලිලා දිලිසෙනවා. පාත්‍රයත් ගිනි අරගෙන දිලිසෙනවා. ඉණේ බැඳපු පටියත් ගිනි අරගෙන දිලිසෙනවා. මුළු කය ම ගිනි අරගෙන දිලිසෙනවා. එතකොට ඒ භික්ෂුණිය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පාපී භික්ෂූණියක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,

සාදු! සාදු!! සාදු!!!

භික්ඛුණී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M