378. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන භික්ෂුවක් දැක්කා. ඔහු පොරවා සිටින සිවුරුත් සම්පූර්ණයෙන් ම ගින්නෙන් ඇවිලිලා දිලිසෙනවා. පාත්‍රයත් ගිනි අරගෙන දිලිසෙනවා. ඉණේ බැඳපු පටියත් ගිනි අරගෙන දිලිසෙනවා. මුළු කය ම ගිනි අරගෙන දිලිසෙනවා. එතකොට ඒ භික්ෂුව වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පාපී භික්ෂුවක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,
සාදු! සාදු!! සාදු!!!
භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M