සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

7.1.9. දුතිය සුචිලෝම සුත්තං

7.1.9. දුතිය සුචිලෝම සූත්‍රය

370. ඉධාහං ආවුසෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අද්‌දසං සූචිලෝමං පුරිසං වේහාසං ගච්‌ඡන්‌තං. තස්‌ස තා සූචියෝ සීසේ පවිසිත්‌වා මුඛතෝ නික්‌ඛමන්‌ති. මුඛේ පවිසිත්‌වා උරතෝ නික්‌ඛමන්‌ති. උරේ පවිසිත්‌වා උදරතෝ නික්‌ඛමන්‌ති. උදරේ පවිසිත්‌වා ඌරූහි නික්‌ඛමන්‌ති. ඌරූසු පවිසිත්‌වා ජංඝාහි නික්‌ඛමන්‌ති. ජං‌ඝාසු පවිසිත්‌වා පාදේහි නික්‌ඛමන්‌ති සෝ සුදං අට්‌ටස්‌සරං කරෝති. ….(පෙ)…. (අථ ඛෝ භගවා ….(පෙ)….) ඒසෝ භික්ඛවේ සත්‌තෝ ඉමස්‌මිං යේව රාජගහේ සූචකෝ අහෝසි ….(පෙ)…. (ඒවරූපං අත්‌තභාවපටිලාභං) පටිසංවේදයතී’ති.

370. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන ඉඳිකටු වැනි මවිල් ඇති පුරුෂ රූපයක් දැක්කා. ඉතින් ඒ ඉඳිකටු ඔහු ගේ හිස සිදුරු කර ගෙන ගිහින් කටින් එළියට එනවා. ආයෙමත් කට ඇතුළට ගිහින් පපුවෙන් එළියට එනවා. ආයෙමත් පපුව ඇතුළට ගිහින් බඩෙන් එළියට එනවා. ආයෙමත් බඩෙන් ඇතුළට ගිහින් කළවාවලින් එළියට එනවා. ආයෙමත් කළවාවලින් ඇතුළට ගිහින් කෙණ්ඩාවලින් එළියට එනවා. ආයෙමත් කෙණ්ඩාවලින් ඇතුළට ගිහින් යටි පතුලෙන් එළියට එනවා. එතකොට ඒ ඉඳිකටු වැනි මවිල් ඇති පුරුෂ රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු කේළාම් කියල ආරවුල් හදපු මිනිහෙක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,

සාදු! සාදු!! සාදු!!!

දුතිය සුචිලෝම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M