371. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී ආකාසයේ ඇවිද ඇවිද යන කළගෙඩියක් වැනි අණ්ඩකෝෂයක් ඇති පුරුෂ රූපයක් දැක්කා. ඉතින් ඒ කළගෙඩියක් වැනි අණ්ඩකෝෂය කරේ තියාගෙනයි ඇවිදින්නේ. වාඩි වෙනකොට ඒ අණ්ඩකෝෂය මතයි වාඩි වෙන්නේ. ඔහුව භූත ගිජුලිහිණියොත්, කාක්කොත්, උකුස්සොත් පන්න පන්න ගිහින් මස් ඉර ඉරා, කඩ කඩා කනවා. එතකොට ඒ කළගෙඩියක් වැනි අණ්ඩකෝෂය ඇති පුරුෂ රූපය වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු (පව් කරපු) නඩුකාරයෙක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබාගෙන විඳෝ විඳෝ ඉන්නේ,
සාදු! සාදු!! සාදු!!!
කුම්භණ්ඩ සූත්‍රය නිමා විය.
පළමුවෙනි වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_7-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M