350. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. එදා ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් රාහුලයන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළා.
පින්වත් රාහුල, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ? ඇස නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකක්ද සැපක්ද? ස්වාමීනි, දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, ඒ දෙය මේක මමයි, මේක මගෙයි, මේක තමයි මගේ ආත්මය (කැමැත්ත පරිදි පැවැත්විය හැකි දේ) කියල මුළාවෙන් දකින එක හරිද? ස්වාමීනි, ඒක හරි දෙයක් නොවෙයි.
කණ නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. නාසය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. දිව නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. කය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. මනස නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකක්ද සැපක්ද? ස්වාමීනි, දුකයි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, ඒ දෙය මේක මමයි, මේක මගෙයි, මේක තමයි මගේ ආත්මය (කැමැත්ත පරිදි පැවැත්විය හැකි දේ), කියල මුළාවෙන් දකින එක හරිද? ස්වාමීනි, ඒක හරි දෙයක් නොවෙයි.
පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇස ගැනත් කලකිරෙනවා. කණ ගැනත් කලකිරෙනවා. නාසය ගැනත් කලකිරෙනවා. දිව ගැනත් කලකිරෙනවා. කය ගැනත් කලකිරෙනවා. මනස ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. නොඇලෙන කොට එයින් නිදහස් වෙනවා. නිදහස් වුණාම තමන් දැන් නිදහස් කියල අවබෝධ වෙනවා. ඉපදීම ක්ෂය වුණා. නිවන් මඟ සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
චක්ඛු ආදී සූත්‍රය නිමා විය.
351. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. ශබ්ද …. (පෙ) …. ගඳ සුවඳ …. (පෙ) …. රස …. (පෙ) …. පහස …. (පෙ) …. මනසට සිතෙන අරමුණු නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
රූපාදී ආරම්මණ සූත්‍රය නිමා විය.
352. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? ඇසේ විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. කණේ විඤ්ඤාණය …. (පෙ) …. නාසයේ විඤ්ඤාණය …. (පෙ) …. දිවේ විඤ්ඤාණය …. (පෙ) …. කයේ විඤ්ඤාණය …. (පෙ) …. මනසේ විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ සූත්‍රය නිමා විය.
353. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? ඇසේ ස්පර්ශය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. කණේ ස්පර්ශය …. (පෙ) …. නාසයේ ස්පර්ශය …. (පෙ) …. දිවේ ස්පර්ශය …. (පෙ) …. කයේ ස්පර්ශය …. (පෙ) …. මනසේ ස්පර්ශය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
සම්ඵස්ස සූත්‍රය නිමා විය.
354. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? ඇසේ ස්පර්ශයෙන් හටගත් විඳීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. කණේ ස්පර්ශයෙන් හටගත් විඳීම …. (පෙ) …. නාසයේ ස්පර්ශයෙන් හටගත් විඳීම …. (පෙ) …. දිවේ ස්පර්ශයෙන් හටගත් විඳීම …. (පෙ) …. කයේ ස්පර්ශයෙන් හටගත් විඳීම …. (පෙ) …. මනසේ ස්පර්ශයෙන් හටගත් විඳීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
වේදනා සූත්‍රය නිමා විය.
355. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප හඳුනා ගැනීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. ශබ්ද හඳුනා ගැනීම …. (පෙ) …. ගඳ සුවඳ හඳුනා ගැනීම …. (පෙ) …. රස හඳුනා ගැනීම …. (පෙ) …. පහස හඳුනා ගැනීම …. (පෙ) …. මනසට සිතෙන අරමුණු හඳුනා ගැනීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා සූත්‍රය නිමා විය.
356. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප ගැන චේතනා ඇතිවීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. ශබ්ද ගැන චේතනා ඇතිවීම …. (පෙ) …. ගඳ සුවඳ ගැන චේතනා ඇතිවීම …. (පෙ) …. රස ගැන චේතනා ඇතිවීම …. (පෙ) …. පහස ගැන චේතනා ඇතිවීම …. (පෙ) …. මනසට සිතෙන අරමුණු ගැන චේතනා ඇතිවීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
සඤ්චේතනා සූත්‍රය නිමා විය.
357. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප ගැන ආශා ඇතිවීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. ශබ්ද ගැන ආශා ඇතිවීම …. (පෙ) …. ගඳ සුවඳ ගැන ආශා ඇතිවීම …. (පෙ) …. රස ගැන ආශා ඇතිවීම …. (පෙ) …. පහස ගැන ආශා ඇතිවීම …. (පෙ) …. මනසට සිතෙන අරමුණු ගැන ආශා ඇතිවීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
තණ්හා සූත්‍රය නිමා විය.
358. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? පඨවි ධාතුව නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. ආපෝ ධාතුව …. (පෙ) …. තේජෝ ධාතුව …. (පෙ) …. වායෝ ධාතුව …. (පෙ) …. ආකාස ධාතුව …. (පෙ) …. විඤ්ඤාණ ධාතුව නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
ධාතු සූත්‍රය නිමා විය.
359. සැවැත් නුවරදී ……………
පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප ස්කන්ධය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. වේදනා ස්කන්ධය …. (පෙ) …. සඤ්ඤා ස්කන්ධය …. (පෙ) …. සංස්කාර ස්කන්ධය …. (පෙ) …. විඤ්ඤාණ ස්කන්ධය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.
සාදු! සාදු!! සාදු!!!
ඛන්ධ සූත්‍රය නිමා විය.
360. සැවැත් නුවරදී ……………
එදා ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා …. (පෙ) …. එකත්පස්ව හුන් ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ කරුණ විමසුවා.
“ස්වාමීනි, කොයි ආකාරයෙන් දැන ගන්නා විට ද කොයි ආකාරයෙන් දැක ගන්නා විට ද මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳවත් බාහිර සියලු නිමිති කෙරෙහිත් ඇති මම මාගේ ය යනාදී සිතේ මුල් බැසගත් මානයන් නැති වන්නේ?”
පින්වත් රාහුල, නිරුද්ධ වී ගිය අතීතයේ වේවා, හට නොගත් අනාගතයේ වේවා, හට ගත් වර්තමානයේ වේවා යම් කිසි රූපයක් ඇද්ද, තමා තුළ හෝ වේවා, බාහිර හෝ වේවා, ගොරෝසු හෝ වේවා, සියුම් හෝ වේවා, ලාමක හෝ වේවා, ප්‍රණීත හෝ වේවා, දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම්කිසි රූපයක් ඇද්ද, ඒ රූප සියල්ල ම මෙය මගේ නොවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවේ යයි කියා ඔන්න ඔය ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් යථා ස්වභාවය දැක්ක යුතුයි.
ඒ වගේ ම පින්වත් රාහුල, නිරුද්ධ වී ගිය අතීතයේ වේවා, හට නොගත් අනාගතයේ වේවා, හටගත් වර්තමානයේ වේවා යම්කිසි විඳීමක් ඇද්ද …. (පෙ) …. යම් කිසි හඳුනා ගැනීමක් ඇද්ද …. (පෙ) …. යම්කිසි චේතනාත්මක ක්‍රියාවක් ඇද්ද …. (පෙ) …. යම් කිසි විඤ්ඤාණයක් ඇද්ද තමා තුළ හෝ වේවා, බාහිර හෝ වේවා, ගොරෝසු හෝ වේවා, සියුම් හෝ වේවා, ලාමක හෝ වේවා, ප්‍රණීත හෝ වේවා, දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ඒ විඤ්ඤාණ සියල්ල ම මෙය මගේ නොවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවේ යයි කියා ඔන්න ඔය ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් යථා ස්වභාවය දැක්ක යුතුයි.
පින්වත් රාහුල, ඔන්න ඔය ආකාරයෙන් දැන ගන්නා විට දී, ඔන්න ඔය ආකාරයෙන් දැක ගන්නා විට දී මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳවත් බාහිර සියලු නිමිති කෙරෙහිත් ඇති මම මාගේ ය යනාදී සිතේ මුල් බැසගත් මානයන් නැති වෙලා යනවා.
සාදු! සාදු!! සාදු!!!
මානානුසය සූත්‍රය නිමා විය.
361. සැවැත් නුවරදී ……………
එදා ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා …. (පෙ) …. එකත්පස්ව හුන් ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ කරුණ විමසුවා.
“ස්වාමීනි, කොයි ආකාරයෙන් දැන ගන්නා විට ද කොයි ආකාරයෙන් දැක ගන්නා විට ද මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳවත් බාහිර සියලු නිමිති කෙරෙහිත් ඇති මම මාගේ ය යනාදී සිතේ මුල් බැසගත් මානය නැතිවෙලා මානය ඉක්මවා ගිහින් ශාන්ත භාවයට පත්වෙලා, සියලු දුකින් නිදහස් වෙන්නේ?”
පින්වත් රාහුල, නිරුද්ධ වී ගිය අතීතයේ වේවා, හට නොගත් අනාගතයේ වේවා, හට ගත් වර්තමානයේ වේවා යම් කිසි රූපයක් ඇද්ද, තමා තුළ හෝ වේවා, බාහිර හෝ වේවා, ගොරෝසු හෝ වේවා, සියුම් හෝ වේවා, ලාමක හෝ වේවා, ප්‍රණීත හෝ වේවා, දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම්කිසි රූපයක් ඇද්ද, ඒ රූප සියල්ල ම මෙය මගේ නොවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවේ යයි කියා ඔන්න ඔය ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් යථා ස්වභාවය දැකල ඒ ගැන බැඳීම් රහිත වෙලා එයින් නිදහස් වෙනවා.
ඒ වගේ ම පින්වත් රාහුල, නිරුද්ධ වී ගිය අතීතයේ වේවා, හට නොගත් අනාගතයේ වේවා, හටගත් වර්තමානයේ වේවා යම්කිසි විඳීමක් ඇද්ද …. (පෙ) …. යම් කිසි හඳුනා ගැනීමක් ඇද්ද …. (පෙ) …. යම්කිසි චේතනාත්මක ක්‍රියාවක් ඇද්ද …. (පෙ) …. යම් කිසි විඤ්ඤාණයක් ඇද්ද තමා තුළ හෝ වේවා, බාහිර හෝ වේවා, ගොරෝසු හෝ වේවා, සියුම් හෝ වේවා, ලාමක හෝ වේවා, ප්‍රණීත හෝ වේවා, දුර හෝ වේවා, ළඟ හෝ වේවා යම්කිසි විඤ්ඤාණයක් ඇද්ද, ඒ විඤ්ඤාණ සියල්ල ම මෙය මගේ නොවෙයි, මම නොවෙයි, මගේ ආත්මය නොවේ යයි කියා ඔන්න ඔය ආකාරයට දියුණු කරපු ප්‍රඥාවෙන් යථා ස්වභාවය දැකල ඒ ගැන බැඳීම් රහිත වෙලා එයින් නිදහස් වෙනවා.
පින්වත් රාහුල, ඔන්න ඔය ආකාරයෙන් දැන ගන්නා විට දී, ඔන්න ඔය ආකාරයෙන් දැක ගන්නා විට දී මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳවත් බාහිර සියළු නිමිති කෙරෙහිත් ඇති මම, මාගේ ය යනාදී සිතේ මුල් බැසගත් මානයන් නැති වෙලා මානය ඉක්මවා ගිහින් ශාන්ත භාවයට පත්වෙලා, සියලු දුකින් නිදහස් වෙන්නේ.
සාදු! සාදු!! සාදු!!!
මානාපගත සූත්‍රය නිමා විය.
දෙවෙනි වර්ගය අවසන් විය.
රාහුල සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_6-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M