සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

6.1.1. – 6.1.10. පඨමෝ වග්ගෝ

6.1.1. – 6.1.10. පළමු වර්ගය

6.1.1. චක්‌ඛුආදි සුත්‌තං

ඇස් ආදිය ගැන වදාළ දෙසුම

340. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. අථ ඛෝ ආයස්‌මා රාහුලෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා රාහුලෝ භගවන්‌තං ඒතදවෝච. සාධු මේ භන්තේ භගවා සංඛිත්තේන ධම්‌මං දේසේතු. යමහං භගවතෝ ධම්‌මං සුත්‌වා ඒකෝ වූපකට්‌ඨෝ අප්පමත්තෝ ආතාපී පහිතත්‌තෝ විහරෙය්‍යන්‌ති.

340. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. එදා ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් රාහුලයන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා දැනගෙන මමත් හුදෙකලා වෙලා, තනි වෙලා, අප්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව දහමට දිවි පුදා වාසය කරනවා නම් භාග්‍යවතුන් වහන්ස, එබඳු ධර්මයක් සංක්ෂේප වශයෙන් මා හට දේශනා කරන සේක්වා!”

තං කිම්මඤ්‌ඤසි රාහුල, චක්‌ඛුං නිච්‌චං වා අනිච්‌චං වා ති? අනිච්‌චං භන්තේ. යම්පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ. යම්පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලන්නු තං සමනුපස්‌සිතුං ‘ඒතං මම, ඒසෝ හමස්‌මි, ඒසෝ මේ අත්‌තා’ති? නෝ හේතං භන්තේ.

පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? ඇස නිත්‍යයිද? අනිත්‍ය යිද? ස්වාමීනි, අනිත්‍ය යි. යමක් අනිත්‍ය නම් එය දුකක්ද සැපක්ද? ස්වාමීනි, දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, ඒ දෙය මේක මමයි, මේක මගෙයි, මේක තමයි මගේ ආත්මය (කැමැත්ත පරිදි පැවැත්විය හැකි දේ) කියල මුළාවේ දකින එක හරිද? ස්වාමීනි, ඒක හරි දෙයක් නොවෙයි.

සෝතං නිච්‌චං වා අනිච්‌චං වා ති? අනිච්‌චං භන්තේ ….(පෙ)…. ඝානං නිච්‌චං වා අනිච්‌චං වා ති? අනිච්‌චං භන්තේ ….(පෙ)…. ජිව්‌හා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)…. කායෝ නිච්‌චෝ වා අනිච්‌චෝ වාති? අනිච්‌චෝ භන්තේ. ….(පෙ)…. මනෝ නිච්‌චෝ වා අනිච්‌චෝ වාති? අනිච්‌චෝ භන්තේ. යම්පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වාති? දුක්‌ඛං භන්තේ. යම්පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලන්නු තං සමනුපස්‌සිතුං. ‘ඒතං මම, ඒසෝ හමස්‌මි, ඒසෝ මේ අත්‌තා’ති? නෝ හේතං භන්තේ.

කණ නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. නාසය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. දිව නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. කය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) …. මනස නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය දුකක්ද සැපක්ද? ස්වාමීනි, දුකයි. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, ඒ දෙය මේක මමයි, මේක මගෙයි, මේක තමයි මගේ ආත්මය (කැමැත්ත පරිදි පැවැත්විය හැකි දේ), කියල මුළාවෙන් දකින එක හරිද? ස්වාමීනි, ඒක හරි දෙයක් නොවෙයි.

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ චක්‌ඛුස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, සෝතස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, ඝානස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, ජිව්‌හායපි නිබ්‌බින්‌දති, කායස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, මනස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති වුසිතං බ්‍රහ්‌මචරියං කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇස ගැනත් කලකිරෙනවා. කණ ගැනත් කලකිරෙනවා. නාසය ගැනත් කලකිරෙනවා. දිව ගැනත් කලකිරෙනවා. කය ගැනත් කලකිරෙනවා. මනස ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. නොඇලෙන කොට එයින් නිදහස් වෙනවා. නිදහස් වුණාම තමන් දැන් නිදහස් කියල අවබෝධ වෙනවා. ඉපදීම ක්ෂය වුණා. නිවන් මඟ සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

චක්ඛු ආදී සූත්‍රය නිමා විය.

6.1.2. රූපාදි සුත්‌තං

රූප ආදී අරමුණු ගැන වදාළ දෙසුම

341. සාවත්‌ථියං….

341. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල රූපා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ, ….(පෙ)…. සද්‌දා ….(පෙ)…. ගන්‌ධා ….(පෙ)…. රසා ….(පෙ)…. ඵොට්‌ඨබ්‌බා ….(පෙ)…. ධම්‌මා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. ශබ්ද …. (පෙ) …. ගඳ සුවඳ …. (පෙ) …. රස …. (පෙ) …. පහස …. (පෙ) …. මනසට සිතෙන අරමුණු නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ රූපේසුපි නිබ්‌බින්‌දති, සද්දේසුපි නිබ්‌බින්‌දති, ගන්ධේසුපි නිබ්‌බින්‌දති, රසේසුපි නිබ්‌බින්‌දති, ඵොට්‌ඨබ්‌බේසුපි නිබ්‌බින්‌දති, ධම්මේසුපි නිබ්‌බින්‌දති නිබ්‌බින්‌දං විරජ්‌ජති ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූප ගැනත් කලකිරෙනවා. ශබ්ද ගැනත් කලකිරෙනවා. ගඳ සුවඳ ගැනත් කලකිරෙනවා. රස ගැනත් කලකිරෙනවා. පහස ගැනත් කලකිරෙනවා. මනසට සිතෙන අරමුණු ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

රූපාදී ආරම්මණ සූත්‍රය නිමා විය.

6.1.3. විඤ්‌ඤාණ සුත්‌තං

විඤ්ඤාණය ගැන වදාළ දෙසුම

342. සාවත්‌ථියං….

342. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල චක්‌ඛුවිඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ ….(පෙ)…. සෝතවිඤ්‌ඤාණං ….(පෙ)…. ඝානවිඤ්‌ඤාණං ….(පෙ)…. ජිව්‌හාවිඤ්‌ඤාණං ….(පෙ)…. කායවිඤ්‌ඤාණං ….(පෙ)…. මනෝවිඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? ඇසේ විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) …. කණේ විඤ්ඤාණය …. (පෙ) …. නාසයේ විඤ්ඤාණය …. (පෙ) …. දිවේ විඤ්ඤාණය …. (පෙ) …. කයේ විඤ්ඤාණය …. (පෙ) …. මනසේ විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ චක්‌ඛුවිඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති ….(පෙ)…. සෝතවිඤ්‌ඤාණස්‌මිම්‌පි ….(පෙ)…. ඝානවිඤ්‌ඤාණස්‌මිම්‌පි ….(පෙ)…. ජිව්‌හාවිඤ්‌ඤාණස්‌මිම්‌පි ….(පෙ)…. කායවිඤ්‌ඤාණස්‌මිම්‌පි ….(පෙ)…. මනෝවිඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇසේ විඤ්ඤාණය ගැනත් කලකිරෙනවා. කණේ විඤ්ඤාණය ගැනත් කලකිරෙනවා. නාසයේ විඤ්ඤාණය ගැනත් කලකිරෙනවා. දිවේ විඤ්ඤාණය ගැනත් කලකිරෙනවා. කයේ විඤ්ඤාණය ගැනත් කලකිරෙනවා. මනසේ විඤ්ඤාණය ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

විඤ්ඤාණ සූත්‍රය නිමා විය.

6.1.4. සම්‌ඵස්‌ස සුත්‌තං

ස්පර්ශය ගැන වදාළ දෙසුම

343. සාවත්‌ථියං….

343. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල චක්‌ඛුසම්‌ඵස්සෝ නිච්‌චෝ වා අනිච්‌චෝ වාති? අනිච්‌චෝ භන්තේ ….(පෙ)…. සෝතසම්‌ඵස්සෝ ….(පෙ)…. ඝානසම්‌ඵස්සෝ ….(පෙ)…. ජිව්‌හාසම්‌ඵස්සෝ ….(පෙ)…. කායසම්‌ඵස්සෝ ….(පෙ)…. මනෝසම්‌ඵස්සෝ නිච්‌චෝ වා අනිච්‌චෝ වාති? අනිච්‌චෝ භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? ඇසේ ස්පර්ශය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) …. කණේ ස්පර්ශය …. (පෙ) …. නාසයේ ස්පර්ශය …. (පෙ) …. දිවේ ස්පර්ශය …. (පෙ) …. කයේ ස්පර්ශය …. (පෙ) …. මනසේ ස්පර්ශය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ චක්‌ඛුසම්‌ඵස්‌සස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, සෝතසම්‌ඵස්‌සස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, ඝානසම්‌ඵස්‌සස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, ජිව්‌හාසම්‌ඵස්‌සස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, කායසම්‌ඵස්‌සස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, මනෝසම්‌ඵස්‌සස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇසේ ස්පර්ශය ගැනත් කලකිරෙනවා. කණේ ස්පර්ශය ගැනත් කලකිරෙනවා. නාසයේ ස්පර්ශය ගැනත් කලකිරෙනවා. දිවේ ස්පර්ශය ගැනත් කලකිරෙනවා. කයේ ස්පර්ශය ගැනත් කලකිරෙනවා. මනසේ ස්පර්ශය ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

සම්ඵස්ස සූත්‍රය නිමා විය.

6.1.5. වේදනා සුත්‌තං

විඳීම ගැන වදාළ දෙසුම

344. සාවත්‌ථියං….

344. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල චක්‌ඛුසම්‌ඵස්‌සජා වේදනා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)…. සෝතසම්‌ඵස්‌සජා වේදනා ….(පෙ)…. ඝානසම්‌ඵස්‌සජා වේදනා ….(පෙ)…. ජිව්‌හාසම්‌ඵස්‌සජා වේදනා ….(පෙ)…. කායසම්‌ඵස්‌සජා වේදනා ….(පෙ)…. මනෝසම්‌ඵස්‌සජා වේදනා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? ඇසේ ස්පර්ශයෙන් හටගත් විඳීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) …. කණේ ස්පර්ශයෙන් හටගත් විඳීම …. (පෙ) …. නාසයේ ස්පර්ශයෙන් හටගත් විඳීම …. (පෙ) …. දිවේ ස්පර්ශයෙන් හටගත් විඳීම…. (පෙ) …. කයේ ස්පර්ශයෙන් හටගත් විඳීම…. (පෙ) …. මනසේ ස්පර්ශයෙන් හටගත් විඳීම ….. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ චක්‌ඛුසම්‌ඵස්‌සජාය වේදනායපි නිබ්‌බින්‌දති. සෝතසම්‌ඵස්‌සජාය ….(පෙ)…. ඝානසම්‌ඵස්‌සජාය ….(පෙ)…. ජිව්‌හාසම්‌ඵස්‌සජාය ….(පෙ)…. කායසම්‌ඵස්‌සජාය ….(පෙ)…. මනෝසම්‌ඵස්‌සජාය වේදනායපි නිබ්‌බින්‌දති ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇසේ ස්පර්ශයෙන් හටගත් විඳීම ගැනත් කලකිරෙනවා. කණේ ස්පර්ශයෙන් හටගත් විඳීම ගැනත් කලකිරෙනවා. නාසයේ ස්පර්ශයෙන් හටගත් විඳීම ගැනත් කලකිරෙනවා. දිවේ ස්පර්ශයෙන් හටගත් විඳීම ගැනත් කලකිරෙනවා. කයේ ස්පර්ශයෙන් හටගත් විඳීම ගැනත් කලකිරෙනවා. මනසේ ස්පර්ශයෙන් හටගත් විඳීම ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

වේදනා සූත්‍රය නිමා විය.

6.1.6. සඤ්‌ඤා සුත්‌තං

හඳුනාගැනීම ගැන වදාළ දෙසුම

345. සාවත්‌ථියං….

345. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල රූපසඤ්‌ඤා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)…. සද්‌දසඤ්‌ඤා ….(පෙ)…. ගන්‌ධසඤ්‌ඤා ….(පෙ)…. රසසඤ්‌ඤා ….(පෙ)…. ඵොට්‌ඨබ්‌බසඤ්‌ඤා ….(පෙ)…. ධම්‌මසඤ්‌ඤා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප හඳුනා ගැනීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) …. ශබ්දහඳුනා ගැනීම …. (පෙ) …. ගඳ සුවඳ හඳුනා ගැනීම …. (පෙ) …. රස හඳුනා ගැනීම …. (පෙ) …. පහස හඳුනා ගැනීම …. (පෙ) …. මනසට සිතෙන අරමුණු හඳුනා ගැනීම …. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ රූපසඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සද්‌දසඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, ගන්‌ධසඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, රසසඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, ඵොට්‌ඨබ්‌බසඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, ධම්‌මසඤ්‌ඤායපි නිබ්‌බින්‌දති ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූප හඳුනාගැනීම ගැනත් කලකිරෙනවා. ශබ්ද හඳුනාගැනීම ගැනත් කලකිරෙනවා. ගඳ සුවඳ හඳුනාගැනීම ගැනත් කලකිරෙනවා. රස හඳුනාගැනීම ගැනත් කලකිරෙනවා. පහස හඳුනාගැනීම ගැනත් කලකිරෙනවා. මනසට සිතෙන අරමුණු හඳුනාගැනීම ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

සඤ්ඤා සූත්‍රය නිමා විය.

6.1.7. සඤ්‌චේතනා සුත්‌තං

චේතනා ඇතිවීම ගැන වදාළ දෙසුම

346. සාවත්‌ථියං….

346. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල රූපසඤ්‌චේතනා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)…. සද්‌දසඤ්‌චේතනා ….(පෙ)…. ගන්‌ධසඤ්‌චේතනා ….(පෙ)…. රසසඤ්‌චේතනා ….(පෙ)…. ඵොට්‌ඨබ්‌බසඤ්‌චේතනා ….(පෙ)…. ධම්‌මසඤ්‌චේතනා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප ගැන චේතනා ඇතිවීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) …. ශබ්ද ගැන චේතනා ඇතිවීම …. (පෙ) …. ගඳ සුවඳ ගැන චේතනා ඇතිවීම …. (පෙ) …. රස ගැන චේතනා ඇතිවීම …. (පෙ) …. පහස ගැන චේතනා ඇතිවීම …. (පෙ) …. මනසට සිතෙන අරමුණු ගැන චේතනා ඇතිවීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි….. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ රූපසඤ්‌චේතනායපි නිබ්‌බින්‌දති, සද්‌දසඤ්‌චේතනායපි නිබ්‌බින්‌දති, ගන්‌ධසඤ්‌චේතනායපි නිබ්‌බින්‌දති, රසසඤ්‌චේතනායපි නිබ්‌බින්‌දති, ඵොට්‌ඨබ්‌බසඤ්‌චේතනායපි නිබ්‌බින්‌දති, ධම්‌මසඤ්‌චේතනායපි නිබ්‌බින්‌දති….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූප ගැන චේතනා ඇතිවීම ගැනත් කලකිරෙනවා. ශබ්ද ගැන චේතනා ඇතිවීම ගැනත් කලකිරෙනවා. ගඳ සුවඳ ගැන චේතනා ඇතිවීම ගැනත් කලකිරෙනවා. රස ගැන චේතනා ඇතිවීම ගැනත් කලකිරෙනවා. පහස ගැන චේතනා ඇතිවීම ගැනත් කලකිරෙනවා. මනසට සිතෙන අරමුණු ගැන චේතනා ඇතිවීම ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

සඤ්චේතනා සූත්‍රය නිමා විය.

6.1.8. තණ්‌හා සුත්‌තං

ආශා ඇතිවීම ගැන වදාළ දෙසුම

347. සාවත්‌ථියං….

347. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල රූපතණ්‌හා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)…. සද්‌දතණ්‌හා ….(පෙ)….ගන්‌ධතණ්‌හා ….(පෙ)…. රසතණ්‌හා ….(පෙ)…. ඵොට්‌ඨබ්‌බතණ්‌හා ….(පෙ)…. ධම්‌මතණ්‌හා නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? රූප ගැන ආශා ඇතිවීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) …. ශබ්ද ගැන ආශා ඇතිවීම …. (පෙ) …. ගඳ සුවඳ ගැන ආශා ඇතිවීම …. (පෙ) …. රස ගැන ආශා ඇතිවීම …. (පෙ) …. පහස ගැන ආශා ඇතිවීම …. (පෙ) …. මනසට සිතෙන අරමුණු ගැන ආශා ඇතිවීම නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ රූපතණ්‌හායපි නිබ්‌බින්‌දති, සද්‌දතණ්‌හායපි නිබ්‌බින්‌දති, ගන්‌ධතණ්‌හායපි නිබ්‌බින්‌දති, රසතණ්‌හායපි නිබ්‌බින්‌දති, ඵොට්‌ඨබ්‌බතණ්‌හාය නිබ්‌බින්‌දති, ධම්‌මතණ්‌හායපි නිබ්‌බින්‌දති, නිබ්‌බින්‌දං විරජ්‌ජති ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූප ගැන ආශා ඇතිවීම ගැනත් කලකිරෙනවා. ශබ්ද ගැන ආශා ඇතිවීම ගැනත් කලකිරෙනවා. ගඳ සුවඳ ගැන ආශා ඇතිවීම ගැනත් කලකිරෙනවා. රස ගැන ආශා ඇතිවීම ගැනත් කලකිරෙනවා. පහස ගැන ආශා ඇතිවීම ගැනත් කලකිරෙනවා. මනසට සිතෙන අරමුණු ගැන ආශා ඇතිවීම ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

තණ්හා සූත්‍රය නිමා විය.

6.1.9. ධාතු සුත්‌තං

ධාතු ගැන වදාළ දෙසුම

348. සාවත්‌ථියං….

348. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල පඨවීධාතු නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)…. ආපෝධාතු ….(පෙ)…. තේජෝධාතු ….(පෙ)…. වායෝධාතු ….(පෙ)…. ආකාසධාතු ….(පෙ)…. විඤ්‌ඤාණධාතු නිච්‌චා වා අනිච්‌චා වාති? අනිච්‌චා භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? පඨවි ධාතුව නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි. …. (පෙ) …. ආපෝ ධාතුව ……………… තේජෝ ධාතුව …. (පෙ) …. වායෝ ධාතුව …. (පෙ) …. ආකාස ධාතුව…. (පෙ) …. විඤ්ඤාණ ධාතුව නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ පඨවීධාතුයාපි නිබ්‌බින්‌දති, ආපෝධාතුයාපි නිබ්‌බින්‌දති, තේජෝධාතුයාපි නිබ්‌බින්‌දති, වායෝධාතුයාපි නිබ්‌බින්‌දති, ආකාසධාතුයාපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණධාතුයාපි නිබ්‌බින්‌දති, නිබ්‌බින්‌දං විරජ්‌ජති ….(පෙ)…. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී’ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා පඨවි ධාතුව ගැනත් කලකිරෙනවා. ආපෝ ධාතුව ගැනත් කලකිරෙනවා. තේජෝ ධාතුව ගැනත් කලකිරෙනවා. වායෝ ධාතුව ගැනත් කලකිරෙනවා. ආකාස ධාතුව ගැනත් කලකිරෙනවා. විඤ්ඤාණ ධාතුව ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ …. (පෙ) …. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

ධාතු සූත්‍රය නිමා විය.

6.1.10. ඛන්‌ධ සුත්‌තං

ස්කන්ධ ගැන වදාළ දෙසුම

349. සාවත්‌ථියං….

349. සැවැත් නුවරදී ……………

තං කිම්මඤ්‌ඤසි රාහුල රූපං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ ….(පෙ)…. වේදනා ….(පෙ)…. සඤ්‌ඤා ….(පෙ)…. සංඛාරා ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වාති? අනිච්‌චං භන්තේ ….(පෙ)….

පින්වත් රාහුල, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? රූපය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) …. වේදනාව …. (පෙ) …. සඤ්ඤාව …. (පෙ) …. සංස්කාර …. (පෙ) …. විඤ්ඤාණය නිත්‍යයිද? අනිත්‍යයිද? ස්වාමීනි, අනිත්‍යයි …. (පෙ) ….

ඒවං පස්‌සං රාහුල සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති. විරාගා විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති වුසිතං බ්‍රහ්‌මචරියං කතං කරණීයං. නාපරං ඉත්‌ථත්‌තායාති පජානාතී ති.

පින්වත් රාහුල, ඔය ආකාරයෙන් යථාර්ථය දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ගැනත් කලකිරෙනවා. වේදනාව ගැනත් කලකිරෙනවා. සඤ්ඤාව ගැනත් කලකිරෙනවා. සංස්කාර ගැනත් කලකිරෙනවා. විඤ්ඤාණය ගැනත් කලකිරෙනවා. කලකිරෙන කොට ඒ කෙරෙහි ඇලෙන්නේ නෑ. නොඇලෙන කොට එයින් නිදහස් වෙනවා. නිදහස් වුණා ම තමන් දැන් නිදහස් කියල අවබෝධ වෙනවා. ඉපදීම ක්ෂය වුණා. නිවන් මඟ සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙත් නම් වෙන උපතක් නැතැයි දැන ගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

ඛන්ධ සූත්‍රය නිමා විය.

වග්ගෝ පඨමෝ.

පළමු වෙනි වර්ගය අවසන් විය.

තස්‌සුද්‌දානං.

චක්‌ඛුං රූපඤ්‌ච විඤ්‌ඤාණං සම්‌ඵස්සෝ වේදනාය ච,
සඤ්‌ඤා සඤ්‌චේතනා තණ්‌හා ධාතු ඛන්‌ධේන තේ දසාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_6-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M