332. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ. ඒ දිනවල අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කිරීමට උදේ සවස රථ පන්සියයකින් යනවා. බත් හැළි පන්සියයකුත් අරගෙන යනවා. එතකොට බොහෝ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා වන්දනා කරලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළා. “ස්වාමීනි, අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කිරීමට උදේ සවස රථ පන්සියයකින් යනවා. බත් හැළි පන්සියයකුත් අරගෙන යනවා.”
පින්වත් මහණෙනි, ඔය දේවදත්තගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන කැමතිවෙන්නට එපා. පින්වත් මහණෙනි, අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කිරීමට උදේ සවස රථ පන්සියයකින් යනවා තමයි. බත් හැළි පන්සියයකුත් අරගෙන යනවා තමයි. නමුත් පින්වත් මහණෙනි, ඒ තාක් ම සිදුවන්නේ දේවදත්තගේ කුසල් දහම් පිරිහීමක් මිස වැඩි දියුණු වීමක් නොවේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. චණ්ඩ සුනඛයෙකුගේ නාසයේ වලස් පිත කුඩුකරල ගානවා. පින්වත් මහණෙනි, එතකොට ඒ චණ්ඩ සුනඛයා අතිශයින් ම රෞද්‍ර වෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි යම්තාක් කල් අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කිරීමට උදේ සවස රථ පන්සියයකින් යනවා නම්, බත් හැළි පන්සියයක් අරගෙන යනවා නම්, ඒ තාක් ම පින්වත් මහණෙනි, සිදුවන්නේ දේවදත්තගේ කුසල් දහම් පිරිහීමක් මිස දියුණුවක් නම් නොවේ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
පඤ්ච රථ සත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M