ඒ දිනවල දේවදත්ත (බුදු සසුනෙන්) බැහැර වුණ සුළු කලකින් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජුකුළු පව්වේ. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත අරභයා භික්ෂූන් අමතා වදාළා. පින්වත් මහණෙනි, ඔය දේවදත්තට තමා වනසා ගැනීම පිණිසයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණේ. පිරිහීම පිණිසයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පහළ වුණේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කෙහෙල් ගස පීදෙන්නේ තමාව වනසා ගැනීම පිණිසයි. කෙහෙල් ගස පීදෙන්නේ පිරිහීම පිණිසයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම තමාව වනසා ගැනීම පිණිසයි දේවදත්තට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුණේ. පිරිහීම පිණිසයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුණේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. උණ ගස පීදෙන්නේ තමාව වනසා ගැනීම පිණිසයි. උණ ගස පීදෙන්නේ පිරිහීම පිණිසයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම තමාව වනසා ගැනීම පිණිසයි දේවදත්තට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුණේ. පිරිහීම පිණිසයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුණේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. බට ගස පීදෙන්නේ තමාව වනසා ගැනීම පිණිසයි. බට ගස පීදෙන්නේ පිරිහීම පිණිසයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම තමාව වනසා ගැනීම පිණිසයි දේවදත්තට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුණේ. පිරිහීම පිණිසයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුණේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. වෙළඹකගේ කුසේ කොටළුවෙකුට දාව උපන් අශ්වතරිය ගැබ් ගන්නේ තමාව වනසා ගැනීම පිණිසයි. පිරිහීම පිණිසයි. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම තමාව වනසා ගැනීම පිණිසයි දේවදත්තට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුණේ. පිරිහීම පිණිසයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉපදුණේ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන., භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළිත් මේ කරුණ ද වදාළා.
ඒකාන්තයෙන් ම පීදෙන කොට කෙහෙල් ගස වැනැසෙනවා. පීදෙන කොට උණ ගසත්, බට ගසත් වැනැසෙනවා. ගැබ් ගැනීමෙන් අශ්වතරියවැනැසෙනවා. අන්න ඒ විදිහටයි ලාභ සත්කාර තුළින් අසත්පුරුෂයා වැනැසෙන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අත්තවධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M