සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.4.2. කුසලමූල සමුච්ඡේද සුත්තං

5.4.2. කුසල්මුල් සහමුලින්ම නැතිවීම ගැන වදාළ දෙසුම

328. සාවත්‌ථියං….

328. සැවැත් නුවරදී ……………

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ. ….(පෙ)…. ලාභසක්‌කාරසිලෝකේන අභිභූතස්‌ස පරියාදින්නචිත්‌තස්‌ස භික්ඛවේ දේවදත්‌තස්‌ස කුසලමූලං සමුච්‌ඡේදමගමා. ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)…. ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. …. (පෙ) ….

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යටවෙලා එයට යටවුණු සිතින් යුක්ත වූ දේවදත්තගේ කුසල් මුල් සහමුලින් ම විනාශ වෙලා ගියා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු යි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

කුසලමූල සමුච්ඡේද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M