සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.3.1. මාතුගාම සුත්තං

5.3.1. කාන්තාව ගැන වදාළ දෙසුම

317. සාවත්‌ථියං….

317. සැවැත් නුවරදී ……………….

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)….

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. …. (පෙ) ….

න තස්‌ස භික්ඛවේ මාතුගාමෝ ඒකෝ ඒකස්ස චිත්‌තං පරියාදාය තිට්‌ඨති, යස්‌ස ලාභසක්‌කාරසිලෝකෝ චිත්‌තං පරියාදාය තිට්‌ඨති.

පින්වත් මහණෙනි, හුදෙකලාවේ සිටින යම් කෙනෙකුගේ සිත තමා මෙන් ම හුදෙකලා වූ කාන්තාවක් ළඟ සිටියදී පවා එයින් ඔහුගේ සිත යට වෙන්නේ නෑ. නමුත් ඔහුගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා යනවා.

ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)….) ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

මාතුගාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M