සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.1.1. දාරුණ සුත්තං

5.1.1. ලාභ සත්කාරවල දරුණු බව ගැන වදාළ දෙසුම

297. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්‌ථියං විහරති ජේතවනේ අනාථපිණ්‌ඩිකස්‌ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි භික්ඛවෝ ති. භදන්තේති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

297. මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂූ සංඝයා අමතා වදාළා. ඒ භික්ෂූහු ද “පින්වතුන් වහන්ස” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේ දී භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ කටුකෝ ඵරුසෝ අන්‌තරායිකෝ අනුත්‌තරස්‌ස යෝගක්ඛේමස්‌ස අධිගමාය. තස්‌මාතිහ භික්ඛවේ ඒවං සික්‌ඛිතබ්‌බං. උප්‌පන්‌නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. න ච නෝ උප්‌පන්‌නෝ ලාභසක්‌කාරසිලෝකෝ චිත්‌තං පරියාදාය ඨස්‌සතීති. ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. නපුරු දේවල්. කොටින් ම ඵරුෂ දේවල්. කොටින් ම අනුත්තර වූ අරහත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායකයි. ඒ නිසා පින්වත් මහණෙනි, හික්මෙන්නට ඕන මේ විදිහටයි. අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිල තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අපගේ හිත යටවෙන්නට දෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

දාරුණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M