සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

4.1.1. සන්තුට්ඨි සුත්තං

4.1.1. ලද දෙයින් සතුටු වීම ගැන වදාළ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවරදී ……………….

සන්තුට්ඨෝ යං භික්ඛවේ කස්‌සපෝ ඉතරීතරේන චීවරේන, ඉතරීතරචීවරසන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදී, න ච චීවරහේතු අනේසනං අප්‌පතිරූපං ආපජ්‌ජති, අලද්‌ධා ච චීවරං න පරිතස්‌සති, ලද්‌ධා ච චීවරං අගධිතෝ අමුච්‌ඡිතෝ අනජ්‌ඣාපන්‌නෝ ආදීනවදස්‌සාවී නිස්‌සරණපඤ්‌ඤෝ පරිභුඤ්‌ජති.

පින්වත් මහණෙනි, මේ කාශ්‍යප ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා. ලැබිච්ච සිවුරකින් සතුටුවෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. සිවුරක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නෑ. සිවුරක් නොලැබුණා කියල තැවි තැවී ඉන්නේ නෑ. සිවුරක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නෑ. එයින් මුසපත් වෙන්නෙත් නෑ. ඒ කෙරෙහි ආශාවෙන් බැසගන්නෙත් නෑ. ඒ සිවුරේ ඇති අනිත්‍ය බව නම් වූ ආදීනව දකිමින්, එහි නොඇලෙන නුවණින් යුක්තව මයි පරිහරණය කරන්නේ.

සන්‌තුට්‌ඨෝයං භික්ඛවේ කස්‌සපෝ ඉතරීතරේන පිණ්‌ඩපාතේන, ඉතරීතරපිණ්‌ඩපාතසන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදී. න ච පිණ්‌ඩපාතහේතු අනේසනං අප්‌පතිරූපං ආපජ්‌ජති. අලද්‌ධා ච පිණ්‌ඩපාතං න පරිතස්‌සති. ලද්‌ධා ච පිණ්‌ඩපාතං අගධිතෝ අමුච්‌ඡිතෝ අනජ්‌ඣාපන්‌නෝ ආදීනවදස්‌සාවී නිස්‌සරණපඤ්‌ඤෝ පරිභුඤ්‌ජති.

පින්වත් මහණෙනි, මේ කාශ්‍යප ලැබිච්ච පිණ්ඩපාතයකින් සතුටු වෙනවා. ලැබිච්ච පිණ්ඩපාතයකින් සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. පිණ්ඩපාතයක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නෑ. පිණ්ඩපාතයක් නොලැබුණා කියල තැවි තැවී ඉන්නේ නෑ. පිණ්ඩපාතයක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නෑ. එයින් මුසපත් වෙන්නෙත් නෑ. ඒ කෙරෙහි ආශාවෙන් බැසගන්නෙත් නෑ. ඒ පිණ්ඩපාතයේ ඇති අනිත්‍ය බව නම් වූ ආදීනව දකිමින්, එහි නොඇලෙන නුවණින් යුක්තව ම යි වළඳන්නේ.

සන්‌තුට්‌ඨෝයං භික්ඛවේ කස්‌සපෝ ඉතරීතරේන සේනාසනේන. ඉතරීතරසේනාසනසන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදී. න ච සේනාසනහේතු අනේසනං අප්‌පතිරූපං ආපජ්‌ජති. අලද්‌ධා ච සේනාසනං න පරිතස්‌සති. ලද්‌ධා ච සේනාසනං අගධිතෝ අමුච්‌ඡිතෝ අනජ්‌ඣාපන්‌නෝ ආදීනවදස්‌සාවී නිස්‌සරණපඤ්‌ඤෝ පරිභුඤ්‌ජති.

පින්වත් මහණෙනි, මේ කාශ්‍යප ලැබිච්ච කුටියකින් සතුටු වෙනවා. ලැබිච්ච කුටියකින් සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. කුටියක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නෑ. කුටියක් නොලැබුණා කියල තැවි තැවී ඉන්නේ නෑ. කුටියක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නෑ. එයින් මුසපත් වෙන්නෙත් නෑ. ඒ කෙරෙහි ආශාවෙන් බැසගන්නෙත් නෑ. ඒ කුටියේ ඇති අනිත්‍ය බව නම් වූ ආදීනව දකිමින්, එහි නොඇලෙන නුවණින් යුක්තව ම යි පරිහරණය කරන්නේ.

සන්‌තුට්‌ඨෝයං භික්ඛවේ කස්‌සපෝ ඉතරීතරේන ගිලානපච්‌චයභේසජ්‌ජපරික්ඛාරේන. ඉතරීතරගිලානපච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරසන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදී. න ච ගිලානපච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරහේතු අනේසනං අප්‌පතිරූපං ආපජ්‌ජති. අලද්‌ධා ච ගිලානප්‌පච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරං න පරිතස්‌සති. ලද්‌ධා ච ගිලාන‌පච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරං අගධිතෝ අමුච්‌ඡිතෝ අනජ්‌ඣාපන්‌නෝ ආදීනවදස්‌සාවී නිස්‌සරණපඤ්‌ඤෝ පරිභුඤ්‌ජති.

පින්වත් මහණෙනි, මේ කාශ්‍යප ලැබිච්ච ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වෙනවා. ලැබිච්ච ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වෙන්න පුළුවන්කම ගැන වර්ණනා කරනවා. ගිලන්පස බෙහෙත් පිරිකරක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නෑ. ගිලන්පස බෙහෙත් පිරිකරක් නොලැබුණා කියල තැවි තැවී ඉන්නේ නෑ. ගිලන්පස බෙහෙත් පිරිකරක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නෑ. එයින් මුසපත් වෙන්නෙත් නෑ. ඒ කෙරෙහි ආශාවෙන් බැසගන්නෙත් නෑ. ඒ ගිලන්පස බෙහෙත් පිරිකරවල ඇති අනිත්‍ය බව නම් වූ ආදීනව දකිමින්, එහි නොඇලෙන නුවණින් යුක්තව ම යි වළඳන්නේ.

තස්‌මාතිහ භික්ඛවේ ඒවං සික්‌ඛිතබ්‌බං. සන්‌තුට්‌ඨා භවිස්‌සාම ඉතරීතරේන චීවරේන, ඉතරීතරචීවරසන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදිනෝ. න ච චීවරහේතු අනේසනං අප්‌පතිරූපං ආපජ්‌ජිස්‌සාම. අලද්‌ධා ච චීවරං න පරිතස්‌සිස්‌සාම ලද්‌ධා ච චීවරං අගධිතා අමුච්‌ඡිතා අනජ්‌ඣාපන්‌නා ආදීනවදස්‌සාවිනෝ නිස්‌සරණපඤ්‌ඤා පරිභුඤ්‌ජිස්‌සාම. (ඒවං සබ්‌බං කත්තබ්‌බං).

සන්‌තුට්‌ඨා භවිස්‌සාම ඉතරීතරේන පිණ්‌ඩපාතේන ….(පෙ)…. සන්‌තුට්‌ඨා භවිස්‌සාම ඉතරීතරේන සේනාසනේන ….(පෙ)…. සන්‌තුට්‌ඨා භවිස්‌සාම ඉතරීතරේන ගිලානපච්‌චයභේසජ්‌ජපරික්ඛාරේන, ඉතරීතරගිලානපච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරසන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදිනෝ. න ච ගිලානපච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරහේතු අනේසනං අප්‌පතිරූපං ආපජ්‌ජිස්‌සාම. අලද්‌ධා ච ගිලානපච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරං න පරිතස්‌සිස්‌සාම. ලද්‌ධා ච ගිලානපච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරං අගධිතා අමුච්‌ඡිතා අනජ්‌ඣාපන්‌නා ආදීනවදස්‌සාවිනෝ නිස්‌සරණපඤ්‌ඤා පරිභුඤ්‌ජිස්‌සාමාති. ඒවං හි ඛෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බං.

එම නිසා පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට තමයි හික්මෙන්ට ඕන. අපි නම් ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා කියල. ලැබිච්ච සිවුරකින් සතුටු වෙන්න පුළුන්කම ගැන වර්ණනා කරනවා කියල. සිවුරක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නෑ කියල. සිවුරක් නොලැබුණා කියල තැවි තැවී ඉන්නේ නෑ කියල. සිවුරක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නෑ කියල. එයින් මුසපත් වෙන්නෙත් නෑ කියල. ඒ කෙරෙහි ආශාවෙන් බැසගන්නෙත් නෑ කියල. ඒ සිවුරේ ඇති අනිත්‍ය බව නම් වූ ආදීනව දකිමින්, එහි නොඇලෙන නුවණින් යුක්තව ම පරිහරණය කරනවා කියල. ඒ වගේ ම අපි නම් ලැබිච්ච පිණ්ඩපාතයකින් සතුටු වෙනවා කියල …. (පෙ) …. අපි නම් ලැබිච්ච කුටියකින් සතුටු වෙනවා කියල …. (පෙ) …. අපි නම් ලැබිච්ච ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වෙනවා කියල. ලැබිච්ච ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වෙන්න පුළුන්කම ගැන වර්ණනා කරනවා කියල. ගිලන්පස බෙහෙත් පිරිකරක් නිසා නොගැලපෙන දේවල් කරන්න යන්නේ නෑ කියල. ගිලන්පස බෙහෙත් පිරිකරක් නොලැබුණා කියල තැවි තැවී ඉන්නේ නෑ කියල. ගිලන්පස බෙහෙත් පිරිකරක් ලැබුණොත් ඒකට ගිජු වෙන්නෙත් නෑ කියල. එයින් මුසපත් වෙන්නෙත් නෑ කියල. ඒ කෙරෙහි ආශාවෙන් බැසගන්නෙත් නෑ කියල. ඒ ගිලන්පස බෙහෙත් පිරිකරවල ඇති අනිත්‍ය බව නම් වූ ආදීනව දකිමින්, එහි නොඇලෙන නුවණින් යුක්තව ම වළඳනවා කියල. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි හික්මෙන්න ඕන.

කස්‌සපේන වා හි වෝ භික්ඛවේ ඕවදිස්‌සාමි, යෝ වා පනස්‌ස කස්‌සපසදිසෝ ඕවදිතේහි ච පන වෝ තථත්‌තාය පටිපජ්‌ජිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, එක්කො මම අවවාද කරන්නම්. එක්කො කස්සපයන් අවවාද කරාවි. ඒ අවවාද ලබන අය කස්සප වගේ වෙනවා කියල යි ඔබ විසින් පිළිපැදිය යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

සන්තුට්ඨි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M