සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

3.1.9. දණ්ඩ සුත්තං

3.1.9. දඬු කැබැල්ල ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං. සෙය්‍යථාපි භික්ඛවේ දණ්‌ඩෝ උපරිවේහාසං ඛිත්‌තෝ සකිම්‌පි මූලේන නිපතති, සකිම්‌පි මජ්‌ඣේන නිපතති, සකිම්‌පි අග්ගේන නිපතති, ඒවමේව ඛෝ භික්ඛවේ අවිජ්‌ජානීවරණා සත්‌තා තණ්‌හාසංයෝජනා සන්‌ධාවන්‌තා සංසරන්‌තා සකිම්‌පි අස්‌මා ලෝකා පරං ලෝකං ගච්‌ඡන්‌ති. සකිම්‌පි පරස්‌මා ලෝකා ඉමං ලෝකං ආගච්‌ඡන්‌ති. තං කිස්‌ස හේතු? අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ ….(පෙ)…. අලං විමුච්‌චිතුන්‌ති.

පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. ආරම්භක කෙළවරක් දැකගන්න බැරි දෙයක්. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැකගන්න බෑ.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දඬු කැබැල්ලක් තියෙනවා කියල හිතමු. ඒ දඬු කැබැල්ල අහසට වීසි කළොත් එක වතාවකට මුල පැත්ත වැටෙනවා. අනිත් වතාවේ මැද වැටෙනවා. අනිත් වතාවේ අග පැත්ත වැටෙනවා.

පින්වත් මහණෙනි, අන්න ඒ විදිහ ම යි. අවිද්‍යාවෙන් වැසුණ තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනේ දී එක වතාවක් මෙලොවින් පරලොව යනවා. තවත් වතාවක් පරලොවින් මෙලොව එනවා.

එයට හේතුව මොකක් ද? පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් පවතින ස්වභාවය අවසන් නොවන දෙයක් …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.

සාදු! සාදු!! සාදු!!!

දණ්ඩ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M