සැවැත් නුවරදී …………..
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. මිත්‍යා දෘෂ්ටික උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ මිත්‍යා දෘෂ්ටික උදවිය එක්කමයි. ….(පෙ)…. මිත්‍යා සංකල්ප ඇති උදවිය ….(පෙ)…. මිත්‍යා වචන ඇති උදවිය ….(පෙ)…. මිත්‍යා කටයුතු ඇති උදවිය ….(පෙ)…. මිත්‍යා දිවි පැවැත්ම ඇති උදවිය ….(පෙ)…. මිත්‍යා උත්සාහය ඇති උදවිය ….(පෙ)…. මිත්‍යා සිහිය ඇති උදවිය ….(පෙ)…. මිත්‍යා සමාධිය ඇති උදවිය ….(පෙ)…. මිත්‍යා ඤාණ ඇති උදවිය ….(පෙ)…. මිත්‍යා විමුක්ති ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ මිත්‍යා විමුක්ති ඇති උදවිය එක්කමයි.
සම්‍යක් දෘෂ්ටික උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සම්‍යක් දෘෂ්ටික උදවිය එක්කමයි. ….(පෙ)…. සම්‍යක් සංකල්ප ඇති උදවිය ….(පෙ)…. සම්‍යක් වචන ඇති උදවිය ….(පෙ)…. සම්‍යක් කටයුතු ඇති උදවිය ….(පෙ)…. සම්‍යක් දිවි පැවැත්ම ඇති උදවිය ….(පෙ)…. සම්‍යක් උත්සාහය ඇති උදවිය ….(පෙ)…. සම්‍යක් සිහිය ඇති උදවිය ….(පෙ)…. සම්‍යක් සමාධිය ඇති උදවිය ….(පෙ)…. සම්‍යක් ඤාණ ඇති උදවිය ….(පෙ)…. සම්‍යක් විමුක්ති ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සම්‍යක් විමුක්ති ඇති උදවිය එක්කමයි.
(සියලු තැන අතීත, අනාගත, වර්තමාන තුන් කාලයට ම ගලපා තේරුම් ගත යුතුය.)
සාදු! සාදු!! සාදු!!!
දසංගික සූත්‍රය නිමා විය.
තුන්වෙනි කම්මපථ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M