සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.6.3. සංයෝජන සුත්තං

1.6.3. බන්ධනය ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………….

සඤ්ඤෝජනීයේසු භික්ඛවේ ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා පවඩ්‌ඪති. තණ්‌හාපච්‌චයා උපාදානං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

සෙය්‍යථාපි භික්ඛවේ තේලං ච පටිච්‌ච වට්‌ටිං ච පටිච්‌ච තේලප්‌පදීපෝ ඣායෙය්‍ය. තත්‍ර පුරිසෝ කාලේන කාලං තේලං ආසිඤ්‌චෙය්‍ය, වට්‌ටිං උපසංහරෙය්‍ය, ඒවං හි සෝ භික්ඛවේ තේලප්‌පදීපෝ තදාහාරෝ තදුපාදානෝ චිරං දීඝමද්‌ධානං ජලෙය්‍ය. ඒවමේව ඛෝ භික්ඛවේ සඤ්ඤෝජනීයේසු ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා පවඩ්‌ඪති. තණ්‌හාපච්‌චයා උපාදානං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. තෙලුත් නිසා වැටියත් නිසා තෙල් පහනක් දැල්වෙනවා කියල හිතමු. එතකොට එක මනුස්සයෙක් කලින් කලට ඇවිදින් ඒ පහනට තෙල් වක්කරනවා නම්, වැටි දමනවා නම්, පින්වත් මහණෙනි, ඒ විදිහට ඒ තෙල් පහන ඒ ආහාරයෙන්ම ඒ උපාදානයෙන්ම බොහෝ කලක් දැල්වි දැල්වී තියෙනවා.

පින්වත් මහණෙනි, ඔය විදිහමයි. බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

සඤ්ඤෝජනීයේසු භික්ඛවේ ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා නිරුජ්‌ඣති. තණ්‌හානිරෝධා උපාදානනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති.

පින්වත් මහණෙනි, බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ තේලං ච පටිච්‌ච වට්‌ටිං ච පටිච්‌ච තේලප්‌පදීපෝ ඣායෙය්‍ය, තත්‍ර පුරිසෝ න කාලේන කාලං තේලං ආසිඤ්‌චෙය්‍ය, න වට්‌ටිං ච උපසංහරෙය්‍ය. ඒවං හි සෝ භික්ඛවේ තේලප්‌පදීපෝ පුරිමස්‌ස ච උපාදානස්‌ස පරියාදානා අඤ්‌ඤස්‌ස ච අනුපහාරා අනාහාරෝ නිබ්‌බායෙය්‍ය. ඒවමේව ඛෝ භික්ඛවේ සඤ්ඤෝජනීයේසු ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා නිරුජ්‌ඣති. තණ්‌හානිරෝධා උපාදානනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. තෙලුත් නිසා වැටියත් නිසා තෙල් පහනක් දැල්වෙනවා කියල හිතමු. එතකොට එක මනුස්සයෙක් කලින් කලට අවිදින් ඒ පහනට තෙල් වක්කරන්නේ නැත්නම්, වැටි දමන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, ඒ විදිහට ඒ තෙල් පහන කලින් දාපු තෙල් අවසන් වීමෙන් අලුතින් තෙල් නැති වීමෙන් ආහාර රහිතව නිවිලා යනවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා …..(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

සංයෝජන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M