මා හට අසන්නට ලැබුණේ මෙ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ඤාතික ගමේ ගඩොලින් කළ ආවාසයකයි. එදා භාග්‍යවතුන් වහන්සේ හුදෙකලාවේ විවේකයෙන් වැඩ ඉඳගෙන මේ දහම් ක්‍රමය වදාළා.
‘ඇසත්, රූපත් හේතු කොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වේ. තණ්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වේ ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.
කනත්, ශබ්දයත් හේතු කොට ගෙන ….(පෙ)…. නාසයත්, ගඳ සුවඳත් හේතු කොට ගෙන ….(පෙ)…. දිවත්, රසයත් හේතු කොට ගෙන ….(පෙ)…. කයත්, පහසත් හේතු කොට ගෙන ….(පෙ)…. මනසත්, අරමුණුත් හේතු කොට ගෙන මනසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වේ. තණ්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වේ. …(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.
ඇසත්, රූපත් හේතු කොට ගෙන ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වේ. ඒ තණ්හාව සහමුලින්ම නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙලා යනවා. …(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.
කනත්, ශබ්දයත් හේතු කොට ගෙන ….(පෙ)…. නාසයත්, ගඳ සුවඳත් හේතු කොට ගෙන ….(පෙ)…. දිවත්, රසයත් හේතු කොට ගෙන ….(පෙ)…. කයත්, පහසත් හේතු කොට ගෙන ….(පෙ)…. මනසත්, අරමුණුත් හේතු කොට ගෙන මනසේ විඤ්ඤාණය උපදිනවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වේ. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වේ. ඒ තණ්හාව සහමුලින්ම නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙලා යනවා. …(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.
ඒ වෙලාවේ එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මය ඇසෙන සීමාවෙහි හිටියා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ඇසෙන සීමාවෙහි සිටිය ඒ භික්ෂුව දැක වදාළා. දැක ඒ භික්ෂුවට මෙහෙම වදාළා.
“පින්වත් භික්ෂුව, ඔබට මේ දහම් ක්‍රමය ඇසුණාද?”
“එසේය, ස්වාමීනී”
“පින්වත් භික්ෂුව, ඔබ මේ දහම් ක්‍රමය ඉගෙන ගන්න. පින්වත් භික්ෂුව, ඔබ මේ දහම් ක්‍රමය පාඩම් කරගන්න. පින්වත් භික්ෂුව, ඔබ මේ දහම් ක්‍රමය හිතේ දරා ගන්න. පින්වත් භික්ෂුව, මේ දහම් ක්‍රමය ඉතාම ප්‍රයෝජනවත්. මේ බඹසර ජීවිතයට මූලික වන දෙයක්.”
සාදු! සාදු!! සාදු!!!
ඤාතික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M