සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.4.9. දුතිය චේතනා සුත්තං

1.4.9. චේතනාව ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවර දී …………..

යඤ්‌ච භික්ඛවේ චේතේති, යඤ්‌ච පකප්‌පේති, යඤ්‌ච අනුසේති, ආරම්‌මණමේතං හෝති විඤ්‌ඤාණස්‌ස ඨිතියා. ආරම්‌මණේ සති පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස හෝති. තස්‌මිං පතිට්‌ඨිතේ විඤ්‌ඤාණේ විරූළ්‌හේ නාමරූපස්‌ස අවක්‌කන්‌ති හෝති. නාමරූපපච්‌චයා සළායතනං, සළායතනපච්‌චයා ඵස්සෝ, ඵස්‌සපච්‌චයා වේදනා ….(පෙ)…. තණ්‌හා ….(පෙ)…. උපාදානං ….(පෙ)…. භවෝ ….(පෙ)…. ජාති ….(පෙ)…. ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා සම්‌භවන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, යමක් ගැන සිතනවා නම්, යමක් ගැන කල්පනා කරනවා නම්, යම් දෙයක් චිත්තාභ්‍යන්තරයේ පවත්වනවා නම්, විඤ්ඤාණය පවතින්න අරමුණක් වන්නේ ඒකමයි. අරමුණක් තිබුණොත් තමයි විඤ්ඤාණයේ පැවැත්මට පිහිටක් තියෙන්නේ. ඒ අරමුණ තුළ පිහිටි විඤ්ඤාණය තමයි වර්ධනය වෙලා නාමරූපය තුළ බැසගන්නේ. නාමරූප හේතු කොටගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කොට ගෙන ස්පර්ශය ඇතිවෙනවා. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇතිවෙනවා. ….(පෙ)…. තණ්හාව ….(පෙ)…. උපාදාන ….(පෙ)…. භවය ….(පෙ)…. ඉපදීම ….(පෙ)…. ජරාමරණ, සෝක වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් හටගන්නවා. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

නෝ චේ භික්ඛවේ, චේතේති, නෝ චේ පකප්‌පේති, අථ චේ අනුසේති, ආරම්‌මණමේතං හෝති විඤ්‌ඤාණස්‌ස ඨිතියා. ආරම්‌මණේ සති පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස හෝති. තස්‌මිං පතිට්‌ඨිතේ විඤ්‌ඤාණේ විරූළ්‌හේ නාමරූපස්‌ස අවක්‌කන්‌ති හෝති. නාමරූපපච්‌චයා සළායතනං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, යමක් ගැන සිතන්නෙ නැත්නම්, යමක් ගැන කල්පනා කරන්නෙත් නැත්නම්, නමුත් යම් දෙයක් චිත්තාභ්‍යන්තරයේ පවත්වනවා නම්, විඤ්ඤාණය පවතින්නට අරමුණක් වන්නේ ඒකමයි. අරමුණක් තිබුණොත් තමයි විඤ්ඤාණයේ පැවැත්මට පිහිටක් තියෙන්නේ. ඒ අරමුණ තුළ පිහිටි විඤ්ඤාණය තමයි වර්ධනය වෙලා නාමරූපය තුළ බැස ගන්නේ. නාමරූප හේතු කොට ගෙන ආයතන හය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

යතෝ ච ඛෝ භික්ඛවේ, නෝ චේව චේතේති, නෝ ච පකප්‌පේති, නෝ ච අනුසේති, ආරම්‌මණමේතං න හෝති විඤ්‌ඤාණස්‌ස ඨිතියා. ආරම්‌මණේ අසති පතිට්‌ඨා විඤ්‌ඤාණස්‌ස න හෝති. තදප්‌පතිට්‌ඨිතේ විඤ්‌ඤාණේ අවිරූළ්‌හේ නාමරූපස්‌ස අවක්‌කන්‌ති න හෝති. නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතීති.

පින්වත් මහණෙනි, යමක් ගැන සිතන්නෙ නැත්නම්, යමක් ගැන කල්පනා කරන්නෙත් නැත්නම්, ඒ වගේම යම් දෙයක් චිත්තාභ්‍යන්තරයේ පවත්වන්නෙත් නැත්නම්, විඤ්ඤාණය පවතින්න ඒක අරමුණක් වෙන්නේ නෑ. අරමුණක් නොතිබෙන නිසා විඤ්ඤාණයේ පැවැත්මට පිහිටක් නෑ. ඒ අරමුණ තුළ නොපිහිටි විඤ්ඤාණය තමයි වර්ධනය නොවීමෙන් නාමරූපයෙහි නොබැස ගන්නේ. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙලා යනවා. ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය චේතනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M