සැවැත් නුවරදී …………….
එදා ආයුෂ්මත් උපවාන තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් උපවාන තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා.
“භාග්‍යවතුන් වහන්ස, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කර්මය පිළිගන්නවා. ඔවුන් කියා සිටින්නේ දුක තමා විසින් කරපු දෙයක් බවයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක අනුන් විසින් කරපු දෙයක් බවයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයින් කියා සිටින්නේ දුක තමා විසිනුත්, අනුන් විසිනුත් කරපු දෙයක් බවයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්ස, කර්මය පිළිගන්නා සමහර ශ්‍රමණ බ්‍රාහ්ණයින් කියා සිටින්නේ දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හට ගත් දෙයක් බවයි.
ඉතින් භාග්‍යවතුන් වහන්ස, දුක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දරන්නේ මොන වගේ අදහසක්ද? පවසන්නේ මොන වගේ දෙයක්ද? ඔය කාරණය ගැන අපි මොන වගේ පිළිතුරක් දුන්නොත්ද භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් වන්නේ? අනික අපි භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා නොකළා වන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ගැලපෙන දෙයක් පැවසුවා වන්නේ? කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක් නොවන්නේ?”
“පින්වත් උපවාන, මේ දුක වනාහී හේතුඵල දහමින් හටගත් දෙයක් බවයි මං පවසන්නේ. දුකේ හේතුව මොකක්ද? ස්පර්ශය හේතු කරගෙනයි දුක ඇතිවෙන්නේ. ඔය විදිහට පැවසුවොත් නම් මං පැවසූ දෙයක්ම පවසන කෙනෙක් වෙනවා. මට අභූත චෝදනාවක් කෙරෙන්නේ නෑ. මාගේ ධර්මයට එකඟ වූ දෙයක් පැවසුවා වෙනවා. කරුණු සහිතව දහම් කරුණු ප්‍රකාශ වෙද්දී ගර්හාවට ලක් වෙන්නේ නෑ.
පින්වත් උපවාන, මේ කාරණයේදී කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක්, දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක්, දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි ඒ දුකත් හටගන්නේ.
පින්වත් උපවාන, මේ කාරණයේදී කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක් දුක තමා විසින් කරපු දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක් …. (පෙ) …. කර්මය පිළිගන්නා ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ගෙන් යමෙක්, දුක තමා විසිනුත් නොකරපු, අනුන් විසිනුත් නොකරපු, ඉබේ හටගත් දෙයක් කියා පැවසුවත්, ඒ කාටවත් ඒකාන්තයෙන්ම ස්පර්ශයෙන් තොරව විඳීමක් ඇතිවෙනවා කියන කරුණ කවදාවත් සිදු නොවන දෙයක්.
සාදු! සාදු!! සාදු!!!
උපවාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M