පින්වත් මහණෙනි, මටත් සම්බුදු බව ලබන්නට පෙර සිටම සම්බුදු නොවී සිටියදීම, බෝසත්ව සිටියදීම (බෝධි මූලයේදී) මේ අදහස ඇතිවුණා. ‘අහෝ! මේ ලෝක සත්වයා දුකටමයි වැටිලා ඉන්නේ. ඉපදෙනවා, මහළුවෙනවා, මැරෙනවා, චුත වෙනවා, ආයෙමත් උපදිනවා. එහෙම වෙලත් මේ ජරා මරණ දුකින් නිදහස් වෙන ආකාරය දන්නේ නෑ. කවරදාක නම් (ලෝක සත්වයා) මේ ජරා මරණ දුකෙන් නිදහස් වී යාමක් දැනගනීවිද?’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට මට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද ජරා මරණ ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද ජරා මරණ ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, මම ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ඉපදීම තියෙන කොට තමයි ජරා මරණ ඇති වන්නේ. ඉපදීම හේතු කරගෙනයි ජරා මරණ ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට මට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද ඉපදීම ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද ඉපදීම ඇතිවෙන්නේ?’ …. (පෙ) …. භවය …. (පෙ) …. උපාදාන …. (පෙ) …. තණ්හාව …. (පෙ) …. විඳීම …. (පෙ) …. ස්පර්ශය …. (පෙ) …. ආයතන හය …. (පෙ) …. නාමරූප …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. ‘කුමක් තිබුණොත්ද සංස්කාර ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද සංස්කාර ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, මම ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘අවිද්‍යාව තියෙන කොට තමයි සංස්කාර ඇතිවන්නේ. අවිද්‍යාව හේතු කරගෙනයි සංස්කාර ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.
පින්වත් මහණෙනි, එතකොට මට ‘හේතූන් නිසයි හටගන්නේ! හේතූන් නිසයි හටගන්නේ!’ කියල කවදාවත් අසා නැති මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව දහම් ඇස පහළ වුණා. නුවණ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා.
ඉතින් පින්වත් මහණෙනි, එතකොට මට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද ජරා මරණ නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද ජරා මරණ නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, මම ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ඉපදීම නිරුද්ධ වෙන කොට තමයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට මට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ?’ …. (පෙ) …. භවය …. (පෙ) …. උපාදාන …. (පෙ) …. තණ්හාව …. (පෙ) …. විඳීම …. (පෙ) …. ස්පර්ශය …. (පෙ) …. ආයතන හය …. (පෙ) …. නාමරූප …. (පෙ) …. විඤ්ඤාණය …. (පෙ) …. ‘කුමක් නිරුද්ධ වුණොත්ද සංස්කාර නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද සංස්කාර නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, මම ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘අවිද්‍යාව නිරුද්ධ වෙන කොට තමයි සංස්කාර නිරුද්ධ වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙනුයි සංස්කාර නිරුද්ධ වෙන්නේ’
ඔය විදිහට අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.
පින්වත් මහණෙනි, එතකොට මට ‘හේතූන් නැති වීමෙනුයි නිරුද්ධ වෙන්නේ! හේතූන් නැති වීමෙනුයි නිරුද්ධ වෙන්නේ!’ කියල කවදාවත් අසා නැති මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව දහම් ඇස පහළ වුණා. නුවණ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා.
සාදු! සාදු!! සාදු!!!
ගෝතම සූත්‍රය නිමා විය.
පළමු වෙනි බුද්ධ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M