සැවැත් නුවරදී ………………………….
එදා සුද්ධික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. පිළිසඳර කතාබස් කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන සුද්ධික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.
“මේ ලෝකෙ කිසි බමුණෙක් සිල්වත් වුන පමණින්, තපස් රැක්ක පමණින් පිරිසිදු වෙන්නෙ නෑ. විජ්ජාචරණ සම්පන්න කෙනෙක්මයි පිරිසිදු වෙන්නෙ. මේ අනිත් ජනතාවට නම්, පිරිසිදු වීමක් ලැබෙන්නෙ නෑ.” (මෙතනදී විජ්ජා චරණ සම්පන්න කියා බමුණා කියනුයේ වේදය ගැන දැනීමත්, උසස් කුලයක ඉපදීමත්ය.)
(භාග්‍යවතුන් වහන්සේ) :
“බොහෝ බොරු දේවල් ජප කළත්, උපතින් නම් බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ. ඇතුළත කුණු වෙලා, කිලුටු වෙලා, වංචාවෙනුයි ඒ උදවිය ඉන්නෙ.
“රජ පවුලෙ වුනත්, බමුණු කුලේ වුනත්, වෙළඳ කුලේ වුනත්, කම්කරුවෙක් වුනත්, සැඬොලෙක් වුනත්, පුක්කුස කුලේ වුනත්, ඒ කවුරු නමුත් පටන් ගත් වීරියෙන් යුක්ත නම්, දහමට දිවි පුදා ඉන්නවා නම්, නිතර දැඩි වීරියකින් යුක්ත නම්, පරම පිරිසිදු බව වන ඒ අමා නිවනට පත්වෙනවා. පින්වත් බ්‍රාහ්මණය, ඔය විදිහටයි දැනගන්න තියෙන්නෙ.”
මෙහෙම වදාළ විට, සුද්ධික භාරද්වාජ බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! …. (පෙ) …. අවබෝධ කරගත්තා.” ඉතින් ඒ ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_7-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M